මිලියනයකට අධික පාසල් සිසුවියන්ගේ සනීපාරක්ෂාව තහවුරු කරමින් සනීපාරක්ෂක තුවා ලබා දීමේ වැඩසටහනක් රජය අරඹයි !

පාසල් සිසුවියන්ගේ අඛණ්ඩ අධ්‍යාපනය තහවුරු කිරීමේ අරමුණින් වැඩිවියට පත් පාසල් සිසුවියන් සඳහා සනීපාරක්ෂක තුවා ලබා දීමේ වැඩසටහනක් රජය විසින් ක්‍රියාත්මක කිරීමට සූදානම් වනවා.

ඒ අනුව, මෙම වසරේ සිට සියලුම රජයේ පාසල්වල 6 ශ්‍රේණියෙන් ඉහළ සහ රජයේ උපකෘත විශේෂ පාසල්වල වැඩිවියට පත් මිලියන 1.05 ක් පමණ වූ සිසුවියන් සංඛ්‍යාවන් ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමටයි රජය සැලසුම් කර ඇත්තේ.

මෙම වැඩසටහන, එක් සිසුවියකට රුපියල් 1,440/- ක් වන සේ රුපියල් 720/- ක වටිනාකමින් යුත් වවුචර් පත් දෙකක් බැගින් ලබා දීමටත්, තම තමන්ගේ කැමැත්ත පරිදි රුපියල් 120/- බැගින් වූ තුවා 08ක් සහිත පැකට් 12 ක් හෝ රුපියල් 180/- බැගින් වූ තුවා 10ක් සහිත පැකට් 08ක් වර්ෂය තුළ දී මිල දී ගැනීමට අවස්ථාව සැලසෙන අයුරින් 2026 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි රජය සඳහන් කරන්නේ.

මෙම‌ යෝජනාව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින් ඉදිරිපත් කර ඇති අතර, අමාත්‍ය මණ්ඩලය විසින් එය අනුමත කරනු ලැබ තිබෙනවා.

    Author

    Related Posts

    Discover more from

    Subscribe now to keep reading and get access to the full archive.

    Continue reading