ජවිපෙ ආයුධ සන්නද්ධ ක්‍රියාකාරකම් ගැන ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙන්න මාස 2ක් ඉල්ලයි

පසුගිය භීෂණ සමයට අදාළ ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර අසා තිබූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදීම සඳහා මාස දෙකක කාලයක් අවශ්‍ය බව අද (ඔක්තෝබර් 22) අගමැති ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේන්තුවේදී පැවසුවාය.

දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා අගමැතිවරියගෙන් අසා තිබූ ප්‍රශ්න මෙසේය.

  • 1987 සිට 1990 දක්වා කාලසීමාව තුළ ජනතා විමුක්ති පෙරමුණ විසින් එල්ල කළ පහරදීම්වලට ලක්වූ යුද හමුදා කඳවුරු සහ පොලිස් ස්ථාන කවරේද?
  • එම පහරදීම් හේතුවෙන් ආබාධිත තත්වයට පත්වූ සහ මියගිය හමුදා සාමාජිකයින් සහ පොලිස් නිලධාරීන් සංක්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද?
  • එම පහරදීම්වලින් පැහැර ගන්නා ලද ආයුධ සංඛ්‍යාව කොපමණද?
  • ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගන්නා ලද ආයුධ සංඛ්‍යාව කොපමණද?
  • නැවත රජය වෙත භාර දෙන ලද ආයුධ සංඛ්‍යාව කොපමණද?
  • අත්අඩංගුවට ගෙන හෝ භාරදී නොමැති ආයුධ සංක්‍යාව කොපමණද?
  • රජයේ භාරයට ගෙන නොමැති ආයුධ සම්බන්ධයෙන් රජය විසින් ගෙන ඇති පියවර කවරේද?

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading