වාහනවල ගමන් කරන රියදුරන්ගෙන් මුත්රා සාම්පල ලබා ගැනීමට පොලිසියට අවසර නොමැති බව පොලිස් මාධ්ය ප්රකාශක එෆ්. යූ. වුට්ලර් ප්රකාශ කළේය.
ඔහු මේ බව සඳහන් කළේ Whatnews කළ විමසීමකට ප්රතිචාර දක්වමිනි.
පොලිස් මාධ්ය ප්රකාශකවරයාගෙන් එසේ විමසනු ලැබුවේ රියදුරන්ගේ මුත්රා සාම්පල ලබා ගැනීම සඳහා ඔවුන් පොලිස් ස්ථාන වෙත රැගෙන යාමට පොලිසිය කටයුතු කරන බවටත්, එසේ යාමට රියදුරන් අකමැති වුවහොත් පොලිස් රාජකාරියට බාධා කිරීමේ චෝදනා ගොනු කරන බවට තර්ජනය කරන බවටත් අප වෙත ලැබුණු තොරතුරු කිහිපයක් හේතුවෙනි.
මේ සම්බන්ධයෙන් වාර්තා වන ආසන්නතම සිදුවීම වන්නේ ඔක්තෝබර් 21 දින කොළඹ බ්ලුමැන්ඩල් පොලිසිය අසල මාර්ග බාධකය හරහා ගමන් කරමින් සිටි රථ වාහන කිහිපයක් නවතා රියදුරු බලපත්රය සහ අදාළ ලියකියවිලි පරික්ෂා කර ඒ සියලු දේ සම්බන්ධයෙන් ප්රශ්නයක් නොමැති අවස්ථාවකදී රියදුරෙකුට මුත්රා සාම්පලයක් ලබාදීම සඳහා පොලිස් ස්ථානය වෙත යෑමට නියෝග කර ඔහු එයට අකමැති වූ අවස්ථාවේ ඔහුට පොලිස් රාජකාරියට බාධා කිරීම යටතේ චෝදනා ගොනු කරන බවට පොලිසිය විසින් තර්ජනය කිරීමකි.
