සලේගේ රිට් පෙත්සමේ අතරමැදි පෙත්සම් ප්‍රතික්ෂේප කෙරේ

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ විසින් ඔහුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම අභියෝගයට ලක්කරමින් ඉදිරිපත් කළ රිට් පෙත්සමට මැදිහත් වී කරුණු දැක්වීම සඳහා අවසර ඉල්ලා ඉදිරිපත් කළ අතරමැදි පෙත්සම් ප්‍රතික්ෂේප කර තිබේ.

අද (ඔක්තෝබර් 22) අභියාචනාධිකරණය විසින් එම අතරමැදි පෙත්සම් ප්‍රතික්ෂේප කර ඇති අතර ඒ අනුව සුරේෂ් සලේ මහතාගේ රිට් පෙත්සමට පක්ෂව කරුණු දැක්වීම සඳහා බෙංගමුවේ නාලක හිමි ඇතුළු පිරිස ඉදිරිපත් කළ අතරමැදි පෙත්සම් හා එම රිට් පෙත්සමට විරුද්ධව කරුණු දැක්වීම සඳහා කොළඹ රදගුරු කාදිනල් මැල්කම් රංජිත් විසින් ඉදිරිපත් කළ අතරමැදි පෙත්සමද ප්‍රතික්ෂේප කර තිබේ.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading