ඩොලර් මිලියන 170ක ඒඩීබී ණයට අදාළ යෝජනාව පාර්ලිමේන්තුවේ විවාදයට

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය ශක්තිමත් කිරීම සඳහා හා කෘෂිකාර්මික හා කෘෂි ව්‍යාපාරික අංශය ශක්තිමත් කිරීම සඳහා ආණ්ඩුව විසින් ආරම්භ කර ඇති වැඩසටහන් දෙකක් සඳහා ආසියානු සංවර්ධන බැංකුව එකඟ වී ඇති ඇමරිකානු ඩොලර් මිලියන 170ක ණය මුදලක් ලබා ගැනීම ආණ්ඩුව පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කර ඇත.

අගමැති ආචාර්ය හරිනි අමරසූරිය විසින් ඊට අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් වන විවාදය අද (ඔක්තෝබර් 21) දින පැවැත්වෙමින් පවතී.

මෙම ණය මුදලින් ඩොලර් මිලියන 100ක මුදලක් අතරමැදි ණය මුදලක් වශයෙන් ලැබෙන අතර ඒ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ක්ෂේත්‍ර සංවර්ධන වැඩසටහන වෙනුවෙනි. එම වැඩසටහන වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුව එකඟ වී ඇති ණය මුදල ඇමරිකානු ඩොලර් මිලියන 200ක් වන අතර ඉතිරි ඩොලර් මිලියන 100ක මුදල ප්‍රතිපත්ති පාදක ණයක් වශයෙන් හිමිවීමට නියමිතය.

ඩොලර් මිලියන 170ක ණය මුදලෙන් ඩොලර් මිලියන 70ක ණය මුදල කෘෂිකාර්මික අගය දාම මූල්‍යකරණ හා වාණිජකරණ ක්ෂේත්‍ර සංවර්ධන වැඩසටහන වෙනුවෙන් අතරමැදි ණයක් වශයෙන් ලැබෙන අතර ඊට අමතරව එම වැඩසටහන වෙනුවෙන් ඩොලර් මිලියන 30ක මුදලක් ප්‍රතිපත්ති පාදක ණයක් ලෙස ලැබීමට නියමිතය.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading