කේබල් ටීවී හා ඩිරෙක්ට්-ටු-හෝම් චන්ද්‍රිකා රූපවාහිනී සේවා ගැන අනතුරු ඇඟවීමක්

සිය කොමිසමෙන් බලපත්‍ර ලබානොගත් ක්‍රියාකරුවන් විසින් පිරිනමනු ලබන කේබල් ටීවී හා ඩිරෙක්ට්-ටු-හෝම් චන්ද්‍රිකා රූපවාහිනී සේවා ලබා ගැනීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව දැන්වීමක් පළකරමින් සඳහන් කරයි.

එමෙන්ම එවැනි බලපත්‍ර රහිත රූපවාහිනී සේවා සපයන්නන් සිය ප්‍රදේශවල සිටීනම් එම කොමිසමට දැනුම් දෙන ලෙසත් ඉල්ලා සිටියි.
එම දැනුම් දීමේ වැඩිදුරටත් සඳහන් කරන්නේ බලපත්‍රලාභී එවැනි සේවා සපයන්නන් පිළිබඳ එම කොමිෂන් සභාවේ වෙබ් අඩවිය මගින් හෝ දුරකථන ඇමතුමක් ලබාදීමෙන් තොරතුරු දැනගත හැකි බවයි.

විදුලි සංදේශ නියාමන කොමිසමේ වෙබ් අඩවියට අනුව කේබල් ටීවී සේවා සැපයීම සඳහා බලපත්‍ර ලබාදී ඇති ආයතන සංඛ්‍යාව 04ක් වන අතර ඒAsk Cable Vision pvt Ltd, City Cables Link Pvt Ltd, Trymas Media Network pvt Ltd හා AK Cable Network pvt Ltd යන සමාගම්ය.

ඩිරෙක්ට්-ටු-හෝම් චන්ද්‍රිකා රූපවාහිනී සේවා සැපයීම සඳහා බලපත්‍ර ලබාදී ඇත්තේ Dialog Television pvt Ltd හා Free Sat Lanka pvt Ltd සමාගම්වලට පමණය.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading