මාර්ගස්ථ මගී ප්රවාහන අධිකාරියේ ගම්පහ ප්රාදේශීය කාර්යාලයට අනුයුක්ත වේලා සටහන් නිලධාරියෙකු රුපියල් 100ක අල්ලස් මුදලක් ඉල්ලා ලබාගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන තිබේ.
මාර්ග අංක 188 යටතේ රද්දොළුගම සිට කොළඹ දක්වා ධාවනය වන බස් රථයක ගමන් වාරය නියමිත වේලාවට ආරම්භ නොකර ප්රමාද කර ආරම්භ කිරීමට අවසර ලබාදීම සහ වාසිදායක අයුරින් ගමන් වාරය ආරම්භ කිරීමට ඉඩ සැලසීම වෙනුවෙන් අදාළ බස් රථයේ සේවකයෙකුගෙන් සැකකරු රුපියල් 100ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ලබාගෙන ඇති බවට චෝදනා එල්ල වී තිබේ.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් ඊයේ (ඔක්තෝබර් 20) රද්දොළුගම බස් නැවතුම්පොළේ පිහිටි වේලා සටහන් නිලධාරියාගේ කුටිය තුළදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු ඉදිරි නීතිමය කටයුතු සඳහා කොළඹ මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
