මහනුවර – යාපනය A 9 මාර්ගය, අලවතුගොඩ – කුරුගොඩ ස්ථානයේ අද (21) පෙරවරු 9.00 සිට දහවල් 12.00 දක්වා පැය 3ක් තාවකාලිකව වසා තැබෙන බව පොලිසිය පවසා තිබේ. මාර්ගයේ ගමන් කරන රියදුරන්ට සිදු වන අපහසුතා වලක්වා ගැනීම සඳහා විකල්ප මාර්ග කිහිපයක්ද පොලිසිය මෙහිදී නිවේදනය කර තිබේ.
2026.10.19 වන දින අලවතුගොඩ පොලිස් වසමේ කුරුගොඩ 07 කණුව ප්රදේශයේ සිදු වූ මාරක රිය අනතුරට අදාල ප්රයිමුවර් රථය හා එහි ටේලරය එම ස්ථානයෙන් ගොඩගෙන ඉවත් කිරීම සඳහා 2026.10.21 වන අද දින උදෑසන 09.00 සිට මධ්යහන12.00 දක්වා පැය 03 ක කාලයක් යාපනය නුවර ඒ 09 මාර්ගයේ කුරුගොඩ 07 කණුව ප්රදේශයෙන් තාවකාලිකව වසා තැබීමට කටයුතු කරනු ඇත.
ඉහත කාලය තුල පහත විකල්ප මාර්ග භාවිතා කරන ලෙස රියැදුරන්ගෙන් සහ මහජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.
විකල්ප මාර්ග –
මහනුවර සිට මාතලේ දෙසට ගමන් ගන්නා වාහන කටුගස්තොට, මඩවල, වත්තේගම, උකුවෙළ, ඇල්වල හරහා ගමන් කර A 09 මාර්ගයට පිවිසිය හැකිය.
* මාතලේ දෙස සිට මහනුවර දෙසට ගමන් ගන්නා වාහන,
• බර වාහන සඳහා ඇල්වල, උකුවෙළ, වත්තේගම, මඩවල, කටුගස්තොට හරහා මහනුවර දෙසට ගමන් කල හැකිය.
• සැහැල්ලු වාහන සඳහා අලවතුගොඩ, ඕවිස්ස, පූජාපිටිය, අඹතැන්න හරහා කටුගස්තොටට පිවිස මහනුවර දක්වා ගමන් කල හැකිය.
