ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ සුගීෂ්වර බණ්ඩාර ලබන ඔක්තෝබර් 28 වන දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්රාත් අධිකරණය අද (21) නියෝග කර තිබේ.
ජනාධිපති වැය ශීර්ෂය යටතේ එකවර තනතුරු දෙකක් සඳහා වැටුප් හා දීමනා ලබාගනිමින් රුපියල් කෝටි 22 කට අධික රජයේ මුදලක් සාපරාධී ලෙස සාවද්ය පරිහරණය කළ බවට සුගීෂ්වර බණ්ඩාර මහතාට චෝදනා එල්ල වී තිබේ.
2022 වසරේදී විශ්රාමික ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ලේකම්වරයෙකු ලෙස කටයුතු කරන අතරතුරදීම, හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ධූර කාලය තුළ ජනාධිපති ලේකම් කාර්යාලයේ විශේෂ ව්යාපෘති අධ්යක්ෂ ජනරාල්වරයා ලෙසද කටයුතු කරමින් එකම කාලවකවානුවක් තුළ වැටුප් දෙකක් ලබාගෙන ඇති බවට මධ්යම අපරාධ විමර්ශන කාර්යාංශය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ඊට අමතරව, එකී තනතුරු දරන සමයේ රජයේ වාහන අයථා ලෙස භාවිතා කිරීම සහ රාජ්ය සේවකයින් දේශපාලන කටයුතු සඳහා යොදවා ගැනීම සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්රහය සහ පොදු දේපළ පනතේ 5(1) වගන්තිය යටතේ දඬුවම් ලැබිය යුතු වැරදි සිදුකර ඇති බවට විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු වාර්තා කර තිබේ.
