කාවන්තිස්ස ඇතාගේ මරණය සෙවීමේ කමිටුව රැස්වේ

කාවන්තිස්ස ඇතාගේ මරණය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කළ කමිටුව අද (ඔක්තෝබර් 21) ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්තිගේ ප්‍රධානත්වයෙන් පළමු වරට ජනාධිපති කාර්යාලයේදී රැස්වී ඇත.

එහිදී ඇතාගේ මරණයට හේතුව, ඇතාට සිදුවූ හානියේ ස්වභාවය හා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මැදිහත්වීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කළ බව ඒ පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

තවද අනාගතයේ මෙවැනි තත්වයන් හමුවේ කඩිනමින් ගත යුතු ක්‍රියාමාර්ග නිශ්චය කිරීම සඳහා විද්‍යාත්මක පදනමක් මත සම්මත මෙහෙයුම් පටිපාටියක් සකස් කිරීම සහ ක්ෂේත්‍රයේදීම කඩිනම් ප්‍රතිචාර දැක්වීම සඳහා පශු වෛද්‍ය ඒකකයක් ස්ථාපිත කිරීම පිළිබඳ සාකච්ඡා කෙරුණ බවද එහි සඳහන් වේ.

අමතරව ඒ සඳහා දේශීය හා විදේශීය විශේෂඥයන්ගේ සහාය ලබා ගැනීමට ද තීරණය කළ බව සඳහන් කරයි.

ජනාධිපතිවරයා එම කමිටුව පත්කර ඇත්තේ කාවන්තිස්ස ඇතාගේ මරණය සම්බන්ධයෙන් සියලු කරුණු විමර්ශනය කිරීම, වන අලි සුබසාධනය සඳහා සම්මත මෙහෙයුම් පටිපාටියක් සකස් කිරීම හා ඇතුන් සුරැකීමේ ජාතික වැඩසටහනකට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහාය.

Author

Leave a Reply

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading