ගල් අඟුරු ආනයනය සහ ගල් අඟුරු මත පදනම් වූ විදුලි උත්පාදනය සම්බන්ධයෙන් සිදුවූ බවට චෝදනා කෙරෙන දූෂණ, නීති විරෝධී ක්රියා සහ මූල්ය අක්රමිකතා පිළිබඳ විමර්ශනය කිරීම සඳහා පත්කරන ලද විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ කාලය දීර්ඝ කර ඇත.
ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් නිකුත් කර ඇති ඔක්තෝබර් 17 දින සහිත අංක 2510/81 දරන අති විශේෂ ගැසට් පත්රය මගින් එම විශේෂ ජනාධිපති කොමිසමේ කාලය දීර්ඝ කර ඇති අතර ඒ 2026 දෙසැම්බර් 16 දින දක්වාය. එම විශේෂ ජනාධිපති කොමිෂන් සභාවේ කාලය අවසන් වීමට තිබුනේ 2026 ඔක්තෝබර් 16 දිනය.
එම කොමිෂන් සභාවේ සභාපති ලෙස ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග කටයුතු කරන අතර සෙසු සාමාජිකයන් වශයෙන් අභියාචනාධිකරණ විනිසුරු ආදිත්ය පටබැඳිගේ හා මහාධිකරණ විනිසුරු සංජීව සෝමරත්න කටයුතු කරයි.
