නිතර පිට නොකළොත් ශුක්‍රානුවල පිහිනුම් වේගය අඩුවෙනවා! සරුභාවය ගැන වැදගත් පර්යේෂණයක ප්‍රතිඵල

පුරුෂයන් ලිංගිකව එක් නොවී සිටින කාලය වැඩි වන තරමට, ඔවුන්ගේ ශුක්‍රාණුවල DNA හානි සහ ඔක්සිකාරක ආතතිය (oxidative stress) ඉහළ යන බවත්, එම ශුක්‍රාණු දිනෙන් දින දුර්වල වන බව හා පිහිනීමේ වේගය අඩු (less viable and poorer swimmers) තත්ත්වයකට පත් වන බව පර්යේෂණ මගින් හෙළි වී ඇත.

මෙය වැදගත් වන්නේ පුරුෂයන්ගේ සරු බව පිළිබද සායන සදහාය.

වෛද්‍යවරුන් සරුභාවය පරීක්ෂා කිරීමට ඉහළම ගුණාත්මකභාවයෙන් යුතු ශුක්‍රාණු ලබා ගැනීමට අපේක්ෂා කරන්නේ නම්, දැනට පවතින මාර්ගෝපදේශ අනුව දින කිහිපයක් ශුක්‍රාණු පිට කිරීමෙන් වැළකී සිටීමේ ක්‍රමවේදය (abstinence) සුදුසු නොවන බව මෙයින් යෝජනා කෙරේ.

ජීව විද්‍යාත්මක බලපෑම

“පුරුෂයන්ගේ ශුක්‍රාණු DNA වලට සහ ඔක්සිකාරක පද්ධතියට සිදුවන හානිය කෙරෙහි ඒවා කෙතරම් පැරණිද යන කාරණයට ඇති බලපෑම සැලකිය යුතු මට්ටමක පවතිනවා. මෙය ජීව විද්‍යාත්මකව ඉතා වැදගත් කරුණක් බව අපට විශ්වාසයි.” යැයි ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යාඥයෙකු වන, මෙම අධ්‍යයනයට නායකත්වය දුන් වෛද්‍ය ක්‍රිෂ් සංග්වි පවසයි.

මෙම පර්යේෂණය සදහයා මනුෂ්‍යයන් සම්බන්ධ කරගත් අධ්‍යනයනයන් ‍115 ක් ක් යොදාගෙන තිබේ. ඒවාට පිරිමින් 550000ක් පමණ සම්බන්ධ කරගෙන තිබේ.

ඊට අමතරව සතුන් වර්ග 30ක් සම්බන්ධ කරගත් අධ්‍යයනයන් 56 ක් සිදු කර තිබේ. ඒවායින් ලබාගත් දත්ත විශ්ලේෂණයේදී පෙනී ගොස් ඇත්තේ පුරුෂයාගේ වයස කුමක් වුවද, ශරීරය තුළ ගබඩා වී ඇති ශුක්‍රාණු කාලයත් සමඟ පිරිහීමට ලක්වන බවයි.

ප්‍රමාණය ද? ගුණාත්මකභාවය ද?

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) දැනට නිර්දේශ කරන්නේ සරුභාවය පිළිබඳ පරීක්ෂණ හෝ IVF ප්‍රතිකාර සඳහා ශුක්‍රාණු ලබා දීමට පෙර දින දෙකක්ත් හතක්ත් අතර කාලයක් ශුක්‍රාණු පිට කිරීමෙන් වැළකී සිටිය යුතු බවයි. නමුත් මෙම උපදෙස් සකස් කර ඇත්තේ ශුක්‍රාණු ගුණාත්මකභාවයට වඩා ඒවායේ ප්‍රමාණය (count) ඉහළ මට්ටමක තබා ගැනීමටය.

“අප නිර්දේශ කරන්නේ දිගු කාලයක් ශුක්‍රාණු පිට නොකර සිටීම සැමවිටම යහපත් දැයි වෛද්‍යවරුන් සහ යුවළයන් නැවත සිතා බැලිය යුතු බව. මන්ද එමගින් ශුක්‍රාණු වල ගුණාත්මකභාවය පිරිහෙනවා.” යැයි වෛද්‍ය සංග්වි පවසයි. “සායනයකට හෝ යුවළකට වැදගත් වන්නේ ශුක්‍රාණු ප්‍රමාණය පමණක් නම්, ලිංගිකව එක් නොවී සිටීම වරදක් නෙවෙයි. නමුත් IVF වැනි ප්‍රතිකාර වලදී සාර්ථකත්වය තීරණය වන්නේ ශුක්‍රාණු ප්‍රමාණය මත පමණක් නොව ඒවායේ ගුණාත්මකභාවය මත.”

සායනික පරීක්ෂණ වාර්තා

යුවළ 453 ක් සම්බන්ධ වූ මෑතකාලීන සායනික පරීක්ෂණයකදී හෙළි වූයේ:

  • පැය 48 කට වඩා අඩු කාලයක් ශුක්‍රාණු පිට කිරීමෙන් වැළකී සිටි පුරුෂයන්ගේ සහකාරියන් අතර ගැබ්ගැනීමේ අනුපාතය 46% කි.
  • දින 2 සිට 7 දක්වා කාලයක් වැළකී සිටි පුරුෂයන්ගේ සහකාරියන් අතර එය 36% කි.

ස්වභාවිකව දරුවන් අපේක්ෂා කරන යුවළයන් සඳහා දින දෙකත් හතත් අතර කාලය සුදුසු විය හැක. එහෙත් වැඩි කාලයක් වැළකී සිටීමෙන් ශුක්‍රාණු වල ජවය අඩු විය හැකි අතර, ඉතා අඩු කාලයක් වැළකී සිටීමෙන් ශුක්‍රාණු ප්‍රමාණය ප්‍රමාණවත් නොවිය හැක. ඒ අනුව ප්‍රමාණය සහ ගුණාත්මකභාවය අතර සමබරතාවයක් පවත්වා ගැනීම වැදගත් වේ.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading