මාස පහකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ සූගීෂ්වර බණ්ඩාර ඇප මත මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (නොවැම්බර් 18) නියෝග කර තිබේ.
ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ඔහුට මෙලෙස ඇප නියම කර ඇත්තේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන විසිනි.
ඒ අනුව, රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප දෙකක් සහ රුපියල් ලක්ෂ 5ක මුදල් ඇපයක් මත සැකකරු මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.
එමෙන්ම, සැකකරුට විදෙස් ගමන් තහනමක් ද පනවා ඇත.
