ආනන්ද පාලිත ලබන 25 දක්වා රිමාන්ඩ්

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සමගි ජන බලවේගයේ වෘත්තීය සමිති නායකයෙකු වන ආනන්ද පාලිත මහතා ලබන 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (නොවැම්බර් 17) නියෝග කර තිබේ.

2015 සිට 2019 දක්වා කාලය තුළ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයන්ගේ අතිකාල දීමනා සම්බන්ධයෙන් සිදුවූ බව කියන රුපියල් තිස් එක් ලක්ෂ එකොළොස් දහසක මූල්‍ය වංචාවක් පිළිබඳව සිදුකරන විමර්ශනයකට අදාළව, මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (16) අත්අඩංගුවට ගනු ලැබූ ආනන්ද පාලිත මහතා අද අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන එනු ලැබීය.

Author

Leave a Reply

Related Posts