ලාෆ්ස් ගෑස් මිල අඩු කිරීම සම්බන්ධයෙන් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ සහ ලාෆ්ස් ගෑස් සමාගමේ නියෝජිතයන් අතර විශේෂ සාකච්ඡාවක් අද (නොවැම්බර් 17) පැවැත්වීමට නියමිතව බව වාර්තා වේ.
මේ අතර, ලාෆ්ස් ගෑස් සමාගමේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (16) පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත පැමිණ තිබේ.
ඒ, ගෑස් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා එම අධිකාරිය විසින් කළ දැනුම්දීමකට අනුවය.
ලාෆ්ස් ගෑස් සමාගම පසුගිය 13 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිය ගෑස් මිල ගණන් ඉහළ දැමීමට පියවර ගෙන තිබුණි.
ඒ අනුව රුපියල් 4,965ක්ව පැවති කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,775කින් ඉහළ දැමුණු අතර, රුපියල් 1,988ක්ව පැවති කිලෝග්‍රෑම් 5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 732කින් ඉහළ දමනු ලැබීය.
ලාෆ්ස් ගෑස් සමාගමේ අධ්යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරී නලින්ද කුරුකුලසූරිය පෙරේදා (15) පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කර තිබුණේ ලෝක වෙළෙඳපොළේ මිල ඉහළ යාම, නැව් ගාස්තු සහ රක්ෂණ ගාස්තු ඉහළ යාම ඇතුළු හේතු කිහිපයක් මත ගෑස් මිල ඉහළ දැමීමට සිදු වූ බවයි.
