වතුකම්කරුවන්ට වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් නව වැටුප් මණ්ඩලයක් පත්කර ආදල පාර්ශවකරුවන් සමඟ සාකච්ඡා කර ඔවුන්ට සහනයක් ලබා දීමට බලාපොරොත්තු වන බව නීතිපතිවරයා අද (නොවැම්බර් 16) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
නීතිපති වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ නයනතාරා බාලපටබැදි ඒ බව දැනුම්දුන්නේ ජීවන වියදමට සරිලන වැටුපක් තමන්ට නොලැබීමට එරෙහිව වතු කම්කරුවන් පිරිසක් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නැවත කැඳවූ අවස්ථාවේදීය.
එහිදී රජයේ නීතිඥවරිය කියා සිටියේ පවතින වැටුප මණ්ඩලයේ කාලය ද මේ වන අවසන් වී ඇති බවයි.
පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ශිරාන් ගුණරත්න ආචාර්ය සෝභිත රාජකරුණා සහ සම්පත් විජේරත්න යන සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලුන අතර මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබුණි.
පෙත්සම පෙබරවාර 25 යළි කැඳවීමට නියමිතයි.
