ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සමගි ජන බලවේගයේ වෘත්තීය නායකයකු වශයෙන් කටයුතු කරන ආනන්ද පාලිත මහතාව පොලිස් මධ්‍යම විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තුළ 2015 සිට 2019 දක්වා කාලය තුළ සිදුකරන ලද අතිකාල දීමනා වංචා කිරීමට අදාළ විමර්ශනයක් සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.
