අධිකරණය මඟහැරීමේ චෝදනාවක් මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි බලංගොඩ කස්සප හිමි ඇප මත මුදා හැරීමට ත්‍රිකුණාමල අධිකරණය අද (නොවැම්බර් 17) නියෝග කර තිබේ.
අධිකරණය හමුවේ සමාව අයැදීමෙන් අනතුරුව එහිමියන් මෙලෙස ඇප මත මුදා හැරීමට නියෝග කර ඇති බව වාර්තා වේ.
ත්‍රිකුණාමලය ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරස්ථාන පරිශ්‍රයේ කුටියක් ඉදිකර බුදු පිළිමයක් තැන්පත් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේදී අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් බලංගොඩ කස්සප හිමියන්ට මීට පෙර වරෙන්තු නිකුත් කර තිබුණි.
කෙසේ වෙතත්, ත්‍රිකුණාමලය නඩුවට අදාළව ඇප මත මුදාහැරීමට අධිකරණය නියෝග කළ ද, වෙනත් නඩු කටයුත්තකට අදාළව අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගයක් මත බලංගොඩ කස්සප හිමියන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගතව සිටින බව වාර්තා වේ.
