“මට සිගරට් බොන්න පුළුවන්, හැබැයි වෙන කෙනෙකුට පොවන්න බෑ”
ප්‍රසිද්ධ ස්ථාන වල දුම්පානය කිරීම වරදක් නොවන බව අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා පවසයි. එය එසේනම් ප්‍රසිද්ධ ස්ථාන වල දුම්වැටි විකිණීමද ප්‍රශ්නයක් වන බව ඔහු පවසයි. එහි ඇත්තේ කොටු කරන ලද පොදු ස්ථානයක දුම් පානය කළ නොහැකිය යනුවෙන්ය. එසේ නීතියක් සකස් කිරීමට හේතුව වන්නේ “මට සිගරට් බොන්න පුළුවන්, හැබැයි වෙන කෙනෙකුට පොවන්න බෑ” යන අර්ථයෙන්ය. Passive Smoking යන්න බැහැර කිරීම එහිදී සිදු වන බව ඔහු පවසා සිටියා.
මොකද්ද මේ Passive smoking කියන්නේ? Passive smoking නොඑසේ නම් අක්‍රීය දුම්පානය යන්න ද්විතීයික දුම්පානය හෝ පාරිසරික දුම්කොළ දුම ලෙසද හැඳින්වේ. එහි අදහස වන්නේ දුම් පානය කරන්නා හැර වෙනත් පුද්ගලයින්ට දුම්කොළ දුම ආශ්වාස කිරීමට සිදු වීම යන්නයි. එය බරපතල සෞඛ්‍ය අනතුරක් වන අතර, දුම් නොබොන්නන් හානිකර රසායනික ද්‍රව්‍යවලට නිරාවරණය වන අතර විවිධ රෝග වර්ධනය වීමේ අවදානම වැඩි කරයි.
රංග දිසානායක මහතා කියා සිටියේ, සිගරට් බීම තහනම් කිරීමට අවශ්‍ය නම් පනතක් ගෙනවිත් එය තහනම් කළ හැකිය. නමුත් පොලීසිය විසින් පොදු ස්ථානය නිර්වචනය කරගෙන ඇත්තේ “කොටු කරන ලද” වචනය ඉවත් කර “පොදු ස්ථානයක සිගරට් බීම තහනම්” යන්න පමණි. ඒ නිසා පොලීසිය කරන්නේ පාරේ සිගරට් බොමින් යන මිනිස්සුන්වත් අල්ලාගෙන යාමයි. මේ සඳහා සමහර අවස්ථා වල සමහර නීතිඥවරු වරද පිළිගෙන ඇති අතර මහේස්ත්‍රාත්වරු දඩ නියම කිරීම්ද කර ඇත.
2006 අංක 57 දරන දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරි පනතේ 39 වන වගන්තියේ නිශ්චිතවම “කොටු කරන ලද ස්ථානයක්” යන්න සඳහන් කර ඇත.
” කොටු කරන ලද පොදු ස්ථානයක් ” යන්නට රජයේ දෙපාර්තමේන්තුවක් ව්‍යවස්ථාපිත අධිකාරියක් හෝ මණ්ඩලයක් හෝ රජයේ ආයතනයක්, කාර්යාල පරිශ්‍ර, බැකු අධිකරණ ශාලා, ශ්‍රවනාගාර. ක්‍රීඩා සංකීර්ණ, ආරෝග්‍යශාලා, සායන, බෙහෙත් ශාලා, විද්‍යාගාර, පාසල්, විශ්ව විද්‍යාල හෝ වෙනත් අධ්‍යාපනික ආයතන, පුස්තකාල, කෞතුකාගාර, ආගමික ස්ථාන, හෝටල්, ආගන්තුක නිවාස, තාවකාලික නවාතැන් පොළ (ලොජ්). නේවාසිකාගාර, ආපනශාලා, සමාජශාලා, අන්තර්ජාල මධ්‍යස්ථාන, චිත්‍රපටිශාලා, නාට්‍ය රඟහල්, සුපිරි වෙළෙඳසැල්, ගුවන් තොටුපළ, දුම්රිය ස්ථානවල හෝ බස් නැවතුම් පොළවල්වල විවේකාගාර, යම් පොදු වැසිකිලි, ගොඩනැගිලි, ගොඩනැගිලි තනා ඇති ස්ථාන සහ විදුලි සෝපාන ඇතුළත් වේ.
එසේම, 39.2 අනුව යම් කොටු කරන ලද පොදු ස්ථානයක, අයිතිකරුවකු, පදිංචිකරුවකු, හිමිකරුවකු, කළමනාකරුවකු, භාරකරුවකු හෝ එම ස්ථානය භාරව සිටින යම් තැනැත්තකු විසින් ඒ කොටු කරන ලද ස්ථානය ඇතුළත දුම්කොළ නිෂ්පාදන කිසිවක් භාවිතා කරමින් දුම් පානය නොකරන බවට සහතික විය යුතු ය.
නමුත් වන උපවගන්තියේ විධිවිධාන වල කුමක් සඳහන් වුවද-
(අ) කාමර තිහක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ඇති හෝටලයක, ආගන්තුක නිවාසයක, හෝ තාවකාලික නවාතැන් පොළක
(ආ) අවම වශයෙන් පුද්ගලයන් තිහකට වාඩි වී සිටීමට ඉඩකඩ ඇති යම් ආපනශාලාවක හෝ සමාජශාලාවක, හෝ
(ඈ) යම් ගුවන් තොටුපළක.
දුම්පානය සඳහා අනන්‍ය ලෙස වෙන් කරන ලද අවස්ථාවෝචිත පරිදි කොටු කරන ලද ස්ථානයක් හෝ ප්‍රදේශයක් එම පරිශ්‍රය තුළ තිබිය හැකි ය. එම ප්‍රදේශයට ප්‍රමාණවත් වාතාශ්‍රය ලබාදිය යුතු අතර, එය නියමිතවාතයෙහි තත්ත්වය පිළිබඳ ප්‍රමිති වලට අනුකූල විය යුතු ය.
මේ නීති සකස් කර ඇත්තේ මිනිසුන්ට ජිවත් වීමට අවශ්‍ය විදිහට සහ ඒ හැම නීතියක් සඳහාම හේතු වන කාරණයක් ඇත. නමුත් මේ වන විට එම පරමාර්ථ අමතකව ගොස් ඇති අතර එම නීතිමය ක්‍රියාවලීන් මිනිසුන්ට කොතෙක් දුරට අවශ්‍යද යන්න සිතා බැලිය යුතුව ඇත.

Helpful information..