සෞදි අරාබියේ සිටින සියලුම වර්ගවල වීසා බලපත්‍ර හිමියන්ට උම්රා ඉටු කළ හැකි බව එරට උම්රා හා හජ් අමාත්‍යාංශය විසින් තහවුරු කර ඇත.
මෙම පියවර ගෙන ඇත්තේ උම්රා ඉටු කරන්නන් සඳහා වන ක්‍රියා පටිපාටි විධිමත් කිරීමේ අරමුණින් සහ Saudi Vision 2030 වැඩසටහන යටත්ය.
එම අමාත්‍යාංශය සඳහන් කළේ මෙම වීසා බලපත්‍ර අතරට පුද්ගලික සහ පවුලේ සංචාරක වීසා, විද්‍යුත් සංචාරක වීසා, සංක්‍රමණික වීසා, රැකියා වීසා, සහ වෙනත් වීසා වර්ග ඇතුළත් වන බවයි.
මෙම පියවර මඟින් ලොව පුරා සිටින මුස්ලිම්වරුන්ට පහසුවෙන් සහ සන්සුන්ව තම ආගමික වතාවත් ඉටු කිරීමට අවස්ථාව සැලසෙනු ඇත.
එපමණක් නොව, උම්රා ඉටු කිරීමට අපේක්ෂා කරන අය සඳහා අමාත්‍යාංශය විසින් මෑතකදී “නුසුක් උම්රා” (Nusuk Umrah) වේදිකාව දියත් කර ඇත. මෙමගින් පරිශීලකයින්ට සුදුසු පැකේජයක් තෝරා ගැනීමටත්, උම්රා බලපත්‍ර පහසුවෙන් විද්‍යුත් මාර්ගයෙන් ලබා ගැනීමටත් හැකි වේ. මෙම ඩිජිටල් වේදිකාව මඟින් ප්‍රතිලාභීන්ට පහසුවෙන් වේලාවන් තෝරා ගැනීමට ද අවස්ථාව සලසා දෙන බව අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
