2026 වසරේ ගතවූ කාල සීමාව තුළ දිවයිනට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ හයක සීමාව ඉක්මවා ඇති බවත්, මාර්තු මස පළමු දින 11 තුළ පමණක් විදෙස් සංචාරකයින් 66,996 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බවත්, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරනවා.

ඒ අනුව, ජනවාරි මස පළමුවන දින සිට මාර්තු එකොළොස්වන දින දක්වා කාලය තුළ විදෙස් සංචාරකයින් 623,651 දෙනෙකු දිවයිනට පැමිණ ඇති අතර, එම සංචාරකයින් අතර වැඩිම පිරිස ඉන්දීය ජාතිකයින් වන බවයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරන්නේ.

මීට අමතරව, බ්‍රිතාන්‍ය ජාතිකයින් 66,164 දෙනෙක්, රුසියානු ජාතිකයින් 56,114 දෙනෙක්, ජර්මානු ජාතිකයින් 45,939 දෙනෙක් සහ චීන ජාතිකයින් 39,725 දෙනෙක් මෙසේ පැමිණි පිරිස අතර වන බවත්, මීට අමතරව ප්‍රංශය, ඔස්ට්‍රේලියාව, නෙදර්ලන්තය ඇතුළු රටවලින් ද විශාල සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බවත් එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.
