පෙබරවාරි මාසයේ මෙරටට පැමිණී සංචාරකයින් ප්‍රමාණය වාර්තාගත වර්ධනයක් ! ජනවාරියේ සිට පෙබරවාරි අවසානය දක්වා පමණක් ලක්ෂ පහ හමාරක් !!

පසුගිය වසරේ පෙබරවාරි මාසයට සාපේක්ෂව 16.2%ක වැඩිවීමක් වාර්තා කරමින්, මෙම වසරේ පෙබරවාරි මාසය තුළ දී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 279,328 ක් වන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරි පවසනවා.

ඒ අනුව, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කරන ලද නවතම දත්ත හරහා පෙනී යන්නේ, පෙබරවාරි මාසයේදී ඉන්දියාවෙන් සංචාරකයින් 47,679 ක් ද එක්සත් රාජධානියෙන් සංචාරකයින් 30,788 ක් ද, රුසියාවෙන් සංචාරකයින් 23,099 ක් ද, ජර්මනියෙන් සංචාරකයින් 22,566 ක් ද, චීනයෙන් සංචාරකයින් 20,180 ක් හා ප්‍රංශ ජාතික සංචාරකයින් 17,174 ක් වශයෙන් පෙබරවාරි මාසයේ තුළ දී ලංකාවට පැමිණ ඇති බවයි‍.

මෙම වසර ආරම්භයේ සිට, පෙබරවාරි 28 දක්වා මෙරටට පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව 556,655 ක් වන බවත්, ඒ අතරින් සංචාරකයින් 99,740 ක් ඉන්දියාවෙන් පැමිණ ඇති බවත්, එක්සත් රාජධානියෙන් රුසියාවෙන් සහ පිළිවෙළින් සංචාරකයින් 60,328ක් හා 50,233ක් මෙරටට පැමිණ ඇති බවත්, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading