පුනර්ජනනීය බලශක්ති මිල ගණන් ප්‍රකාශයට පත්කෙරේ

පුනර්ජනනීය බලශක්තිය සඳහා වන විදුලිය මිලදී ගැනීමේ මිල ගණන් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ප්‍රකාශයට පත්කර තිබේ.

එම මිල ගණන් 2026 අගෝස්තු 25 එනම් හෙට දින සිට 2027 පෙබරවාරි 24 දින දක්වා වලංගු වේ.

එම මිල ගණන් පුනර්ජනනීය විදුලි බලාගාර, වහල මත සවිකරන සූර්ය පැනල බලාගාර හා බැටරි ගබඩා පද්ධති සහිත සූර්ය බල පැනල බලාගාර යනුවෙන් කොටස් තුනකට බෙදා තිබේ.

ඒ අනුව වහල මත සවිකරන නව සූර්ය පැනල බලාගාර කිලෝ වොට් 10 දක්වා ඒකකයකට හෙවත් කිලෝ වොට් පැය එකකට රුපියල් 23.11ක්ද, කිලෝ වොට් 10ට වැඩි කිලෝ වොට් 40 දක්වා රුපියල් 19.15ක්ද, කිලෝ වොට් 40ට වැඩි කිලෝ වොට් 250 දක්වා රුපියල් 17.11ක්ද නියම කර තිබේ.

Author