ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන ලෝක බැංකු කළමනාකරු Gevorg Sargsyan ඇතුළු නියෝජිත කණ්ඩායමක් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති සමඟ අද (24) ජනාධිපති ලේකම් කාර්යාලයේදී සාකච්ඡාවක් පවත්වා තිබේ.
ඒ ලෝක බැංකු ණය හා ආධාර යටතේ ක්‍රියාත්මක කෙරෙන කොළඹ කොටුව සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් හා ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය පිළිබඳවයි.
එම සාකච්ඡාවේදී කොළඹ කොටුව ඓතිහාසික උරුමය සුරකිමින් සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් මීට පෙර පැවති සාකච්ඡාවේදී මතුවූ කරුණු පිළිබඳ පුළුල් ලෙස සාකච්ඡා කළ බව ඒ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
