කථානායක මිලියන 75ක ඉන්ධන බීලා

කථානායක ධුරය වෙනුවෙන් 2016 වර්ෂයේ සිට 2024 වර්ෂය දක්වා ඉන්ධන ලීටර් 299,146ක් නිකුත් කර තිබූ බවත්, ඒ සඳහා රුපියල් මිලියන 75ක (රු. 75,260,648) මුදලක් වැය කර තිබූ බවත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අටවන හා නවවන පාර්ලිමේන්තු වාරයන් පිළිබඳව ජාතික විගණන කාර්යාලය විසින් සිදුකරන ලද විශේෂ විගණන වාර්තාවේ සඳහන් වේ.

එමෙන්ම 2016 වර්ෂයේ සිට 2024 වර්ෂය දක්වා නියෝජ්‍ය කථානායක ධුරය වෙනුවෙන් ඉන්ධන ලීටර් 2024,536ක් නිකුත් කර තිබුණ බවත් ඒ සඳහා රුපියල් මිලියන 49ක (රු. 49,363,923) මුදලක් වැය කර තිබූ බවත් එම වාර්තාවේ සඳහන් කරයි.

තවද නියෝජ්‍ය කාරක සභා සභාපති වෙනුවෙන් 2016 වර්ෂයේ සිට 2024 දක්වා ඉන්ධන ලීටර් 164,235ක් නිකුත් කර තිබුණ බවත් ඒ සඳහා රුපියල් මිලියන 35ක (රු. 35,049,323) මුදලක් වැයකර ඇති බවත් සඳහන් කරයි.

ඊට අමතරව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා විසින් 2022 වර්ෂයේ සිට 2024 වර්ෂය දක්වා ඉන්ධන ලීටර් 15,063ක් භාවිතා කර ඇති බවත් ඒ සඳහා රුපියල් මිලියන 6ක (රු. 6,071,690) මුදලක් වැයකර ඇති බවත් එම වාර්තාව සඳහන් කරයි.

ඒ ආකාරයට කථානායක, නියෝජ්‍ය කථානායක, නියෝජ්‍ය කාරක සභා සභාපති හා මහ ලේකම් යන ධුර සඳහා සීමා රහිත ලෙස ඉන්ධන නිකුත් කර තිබෙන බවත්, නියෝජ්‍ය කථානායකවරයා 2023-2024 කාලය තුළ භාවිතා කරන ලද පෞද්ගලික මෝටර් රථය සඳහාද රුපියල් මිලියන 8ක (රු.8,545,037) මුදලක් වැයකර ඇතැයිද එම වාර්තාවේ සඳහන් කරයි.

එහි තවදුරටත් සඳහන් කරන්නේ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම්, සහකාර මහ ලේකම් හා දෙපාර්තමේන්තු ප්‍රධානීන්ද සීමා රහිත ලෙස ඉන්ධන භාවිතා කර ඇති බවයි.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading