බදුල්ලේ විශේෂඥයන් දෙන්නගෙන් එක්කෙනෙක් නැතිවුණා! මියගිය වෛද්‍ය ප්‍රභාත් ගැන සගයාගේ හෙළිදරව්ව!

බදුල්ල ශික්ෂණ රෝහලේ සේවය කළ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනාගෙන් එක් අයෙකු වූ වෛද්‍ය ප්‍රභාත් දයාරත්න මහතාගේ හදිසි අභාවය බදුල්ල වැනි දුෂ්කර පළාතක රෝගී සත්කාරක සේවාවන්ට එල්ල වූ දැඩි පහරක් බව ඔහුගේ සමීපතම මිතුරෙකු බව කියන බදුල්ල ශික්ෂන රෝහලේ වෛද්‍ය ගයාන් කුරේ මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබේ.

විශ්වවිද්‍යාල සමයේ පටන්ම ඔහුව ඉතා සමීපව ඇසුරු කළ ඔහු පවසන්නේ, වෛද්‍ය ප්‍රභාත් දයාරත්න යනු රෝගීන් වෙනුවෙන් නිරන්තරයෙන් කැපවී වැඩ කළ අතිශය නිහතමානී විශිෂ්ට ගණයේ වෛද්‍යවරයෙකු වූ බවයි.

ඊයේ (23) දිනයේ රාජකාරියට නොපැමිණ අතුරුදහන්ව සිටි 49 හැවිරිදි මෙම විශේෂඥ වෛද්‍යවරයාගේ සිරුර, බදුල්ල – මහියංගනය මාර්ගයේ වියානා ඇළ අසල ලඳු කැලෑවක තිබී අද සොයාගෙන තිබේ.

වෛද්‍යවරයා අතුරුදහන් වීම සම්බන්ධයෙන් මහියංගනය පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුව ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක විය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා සඳහන් කළේ, වෛද්‍යවරයා පැමිණි මෝටර් රථය අදාළ මාර්ගයේ 17 කණුව අසල දමා ගොස් තිබියදී හමුවූ බවත් සිරුර අසල තිබී කිසියම් පෙති වර්ගයක් හමුවුවද මරණයට නිශ්චිත හේතුව මෙතෙක් තහවුරු කර නොමැති බවත්ය.

ගිනිගත්හේන ප්‍රදේශයේ උපත ලබා කොළඹ නාලන්දා විද්‍යාලයෙන් සහ කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයෙන් (98/99 කණ්ඩායම) අධ්‍යාපනය ලබා ඇති එම වෛද්‍යවරයා, මීට පෙරද වසර 3ක් බදුල්ලේ සේවය කර ඇත.

ස්ථාන මාරුවීම් ලැබී ගොස් දෙවන වරටත් බදුල්ල රෝහලට පැමිණ තවමත් ගතව ඇත්තේ වසරකටත් අඩු කාලයක් බව වෛද්‍ය ගයාන් කුරේ මාධ්‍යට වැඩිදුරටත් පැවසීය.

Author

Leave a Reply

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading