අවසර නැතුව චීනයේ ගිය විදුහල්පතිනිය දොට්ට

විධිමත් ලෙස නිවාඩු අනුමත කර නොගෙන චීනයේ සංචාරයක නිරතවූ බව කියන ඌව පළාතේ මධ්‍යම මහා විදුහලක විදුහල්පතිනියකට සේවය අත්හැර ගිය සේ සලකා නිවේදනයක් නිකුත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව පියවර ගෙන තිබේ.
මෙම සේවය අත්හැර ගියා සේ සැලකීම මෙම මස 13 වැනි දින සිට බලපැවැත්වෙන බව අදාළ නිවේදනයේ සඳහන්ව ඇත.

රාජ්‍ය සේවයෙන් ලබාගෙන ඇති සියලුම අත්තිකාරම් සම ණය මුදල් දෙසැම්බර් මස 03 දිනට පෙර පියවීමට කටයුතු කළ යුතු බවත් එසේ කිරීමට අපොහොසත් වුවහොත් ඒවා අයකර ගැනීම සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවත් ලේකම්වරයා විදුහල්පතිනියට නිවේදනය මගින් දැනුම් දී තිබේ.

විදුහල්පතිනිය භාරයේ ඇති සියලුම රජයේ දේපල, ලිපි ලේඛන,යතුරු, පරිගණක මුරපද හා රාජකාරි හැඳුනුම්පත ආදිය විධිමත් පරිදි භාරදීමට කටයුතු කරන ලෙසද නාලක කළුවැව මහතා අදාළ නිවේදනයේ සඳහන් කර ඇත.

තනතුර අත්හැර යාමේ හේතුව මත රජයේ තනතුරකට නැවත පත්කරනු ලැබීමට ඇති අයිතිවාසිකමද විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහය යටතේ විශ්‍රාම වැටුපක් හෝ දීමනාවක් ලබා ගැනීමට ඇති අයිතිවාසිකමද විදුහල්පතිනියට අහිමි වන්නේ යැයි එහි වැඩිදුරටත් සඳහන්ය.

Author

Leave a Reply

Related Posts