නොවැම්බර් 23 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලය මගින් සපයනු ලබන සියලුම සේවාවන් පූර්ව වේලාවන් වෙන්කර ගැනීමේ (Appointment) ක්‍රමවේදය යටතේ පමණක් සිදු කිරීමට තීරණය කර තිබේ.
නව ක්‍රමවේදය ක්‍රියාත්මක වීමත් සමඟ නොවැම්බර් 23 වැනිදා සිට නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලය වෙත පැමිණ අනවශ්‍ය ලෙස පෝලිම්වල රැඳී සිටීමෙන් වළකින ලෙස ද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලීම් කර ඇත.
මහජනතාවගේ පහසුව සැලකිල්ලට ගනිමින්, නොවැම්බර් 23 වැනිදාට පෙර පැවති දෛනික පූර්ව වේලාවන් වෙන්කර ගැනීමේ අවස්ථා සංඛ්‍යාව දෙගුණයකටත් වඩා වැඩි කිරීමට දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
011 2 117 116 යන දුරකථන අංකය මාර්ගයෙන් හෝ https://dmtappointments.dmt.gov.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් සේවාලාභීන්ට තමන්ට පහසු දිනයක් සහ වේලාවක් වෙන්කර ගත හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.
