කුලී ත්‍රිරෝද රථ රියදුරු රැකියාවේ නිරතවීම සඳහා වන අවම වයස් සීමාව අවුරුදු 40 දක්වා ඉහළ නැංවීමට රජය බලාපොරොත්තු වන බව රැස්වීම් සභාවක් අමතමින් වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ පවසා ඇත.
පාසල් අධ්‍යාපනය නිම කළ වහාම තරුණයන් කුලී ත්‍රීරෝද රථ රියදුරු රුකියාවල නිරත වීම වැළැක්වීම මෙහි මූලික අරමුණ බව ඔහු සඳහන් කර තිබේ.
අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදුකිරීමට නියමිත පද්ධතිමය වෙනස්කම් පිළිබඳව අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ, පාසල් අධ්‍යාපනය නිමකළ සැනින් තරුණ පිරිස් කුලී ත්‍රිරෝද රථ ධාවනය සඳහා පැමිණීම පාලනය කර ඔවුන් සක්‍රීය නිෂ්පාදිත ආර්ථික ක්‍රියාවලියට දායක කරගැනීම සඳහා අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ පුළුල් වෙනසක් සිදුකරන බවයි.
