පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවට වරදකරු වී සිරදඬුවම් නියමව සිටි සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ඇප මත මුදා හැරීමට බදුල්ල මහාධිකරණය අද (24) නියෝග කර තිබේ.
පනවන ලද සිරදඬුවමට එරෙහිව චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා විසින් සිය නීතිඥවරුන් මාර්ගයෙන් බදුල්ල මහාධිකරණය හමුවේ ගොනු කළ ඇප අයැදුමක් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය විසින් මෙම නියෝගය ලබා දී ඇත.
එමෙන්ම, රුපියල් 50,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත චමින්ද විජේසිරි මහතා මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා, අධිකරණයේ පූර්ව අවසරයකින් තොරව විදේශගත වීමද තහනම් කරමින් නියෝගය පනවා තිබේ.
2019 වසරේ බණ්ඩාරවෙල ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් පිරිසකගේ ගමනට බාධා කර පහරදීම සහ මරණ තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් පැවැති නඩු විභාගයෙන් අනතුරුව, මහාධිකරණය විසින් ඔහුට වසර එකහමාරක සිරදඬුවම් නියම කර තිබුණි.
