වාහන බලපත්‍ර හිමි නැති පාර්ලිමේන්තු සහකාර අධ්‍යක්ෂකවරුන් 3 දෙනෙකුට බලපත්‍ර දීලා

සහනදායි පදනම මත මෝටර් වාහන බලපත්‍ර ලබාදීමේ යෝජනා ක්‍රමයට අදාළ වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ චක්‍රලේඛයට පටහැනිව පාර්ලිමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරුන් තිදෙනෙකුට එම බලපත්‍ර ලබාදී ඇති බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අටවන හා නවවන පාර්ලිමේන්තු වාරයන් පිළිබඳව ජාතික විගණන කාර්යාලය විසින් සිදුකරන ලද විශේෂ විගණන වාර්තාවේ සඳහන් වේ.

වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ චක්‍රලේඛයට අනුව පාර්ලිමේන්තුවේ විධායක මට්ටමට අයත් විධායක තනතුරක වසර 06ක සක්‍රිය සේවා කාලයක් සම්පූර්ණ කර ඇති හා තනතුරේ ස්ථීර කරන ලද නිලධාරින් සඳහා එම බලපත්‍ර හිමිවන බව සඳහන් කර ඇත.

එහෙත් වර්ෂයක් හා දින 09ක්, මාස 2ක් හා දින 11ක් හා වර්ෂයක්, මාස 1ක් හා දින 28ක් සේවය කර ඇති සහකාර අධ්‍යක්ෂවරු තිදෙනෙකුට එසේ සහනදායි මෝටර් රථ බලපත්‍ර ලබාදී තිබේ.

එහිදී විගණනය සිය නිරීක්ෂණ වශයෙන් සඳහන් කරන්නේ එම මෝටර් රථ වාහන බලපත් නිකුත් කිරීමට කටයුතු කරන ලද නිලධාරින් සම්බන්ධවත්, එලෙස මෝටර් රථ වාහන බලපත් ලබාගත් නිලධාරින් සම්බන්ධවත් පවත්නා නීති රීති යටතේ අදාළ පියවර ගත යුතු බවයි.

Author

Leave a Reply

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading