කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නට එරෙහිව චෝදනා 50කින් යුත් විශ්වාශභංග යෝජනාව විපක්ෂ නායකවරයා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම විසින් පාර්ලිමේන්තු මහ ලේකම්වරියට මීට සුළු මොහොතකට පෙර (ඔක්තෝබර් 09) බාරදී තිබේ.
කථානායකවරයාට එරෙහිව දූෂණ විරෝධි පනත, පොදු දේපල පනත, තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත, පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත යටතේ සම්මත කරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන ආචාරධර්ම සංග්‍රහය හා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග ඇතුළු මෙරට තුළ වලංගු හා බලාත්මක අනෙකුත් නෛතික ප්‍රතිපාදන උල්ලංඝනය කිරීම යටතේ චෝදනා කර ඇත.
එම සම්පූර්ණ විශ්වාශභංග යෝජනාව පහතින් දක්වා ඇත.
