දින 90න් 78ක්ම රෝහලේ සිටි සලේට තවත් දින 90ක රැදවුම් නියෝගයක් ගහන්න වෙලා!

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අනුග්‍රහය දක්වමින් කුමන්ත්‍රණකාරී ලෙස කටයුතු කර ඇතැයි විමර්ශනවලට ලක්ව සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා තවත් දින 90ක කාලයක් රඳවා ප්‍රශ්න කිරීමට නියෝග කර තිබේ.

එහිදී ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක සැලකිල්ලට ගෙන ඇති ප්‍රධාන කාරණයක් වන්නේ සුරේෂ් සලේ මහතා රැදවුම් නියෝග භාරයේ සිටි දින 90න් 78ක්ම රෝහල්ගතව සිටීමය.

ජනාධිපතිවරයා විසින් මීට පෙර ලබා දුන් රැදවුම් නියෝගයේ කාර්යසාධනය පිළිබද වාර්තාවක් ඉල්ලා ඇති අතර, එහිදී වාර්තාවක් ලබාදෙමින් සුරේෂ් සලේ මහතා එම කාලය තුළ වැඩි දින ගණනක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ නොසිටි බවත් කොළඹ ජාතික රෝහලේ සිටි බවත් දැනුම් දී තිබේ.

ඒ අනුව විමර්ශන කටයුතු සාධනීය ලෙස සිදු කිරීමට නොහැකි වූ නිසා නැවත රැදවුම් නියෝගයක් ලබා දෙන ලෙස ඉල්ලා තිබේ.

පාස්කු ප්‍රහාරයේ විමර්ශනවලට අදාළව ඔහු අත්අඩංගුවට ගෙන අවස්ථා දෙකකදී දින 90ක කාලයක් රඳවා තැබීම සදහා නියෝග නිකුත් කර තිබුණි.

සුරේෂ් සලේ මහතාව දින 90 රැදවුම් නියෝගය යටතේ තබා නොගන්නා ලෙසත් ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් ඉල්ලා ඔහුගේ බිරිද මනෝරි සලේ ජනාධිපතිවරයා වෙත ලිපියක් නිකුත් කර තිබුණි.

මේ වන විට සලේ මහතාව රදවා තබා ගැනීමට එරෙහිව අභියාචනාධිකරණය ඉදිරියේ සුරේෂ් සලේ මහතා විසින් ගොනු කළ රිට් පෙත්සමක් විභාග වෙමින් පවති.

Author

Leave a Reply

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading