ඩිවෝස් වෙච්ච බිරිදගේ නිරුවත් ඡායාරූප දැම්මායැයි පුද්ගලයෙක් සීඅයිඩී අත්අඩංගුවට!

කාන්තාවකගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ මහනුවර උප ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකදී සැකකරු ඊයේ (03) දහවල් ගිනිගත්හේන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු 36 හැවිරිදි ගිනිගත්හේන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු පැමිණිලිකාරිය සමඟ විවාහ වී සිට පසුව නීත්‍යානුකූලව වෙන්වී සිටියදී මෙම ක්‍රියාව සිදුකර ඇති බවට මෙතෙක් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පරිගණක අපරාධ විමර්ශන අංශයේ මහනුවර උප ඒකකය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading