මේ සටහනට කලින් සිරස්තලය දැම්මේ පාපන්දු ඔස්තාර්ලාව අවුස්සන්නට. විශේෂයෙන්ම පරතෙරටම නූතන පාපන්දු ගැන තොරතුරු දැනගෙන හිටියත්, සාහිත්‍යයක් දන්නේ නැති අයව අවුස්සන්නට.
ගිය වතාවේ ලෝක කුසලානයේදී මොරොක්කෝ සෙමි ෆයිනල් දක්වා ගිය එක පුදුමයක් වුණා.
හැමෝම පුදුම වුණා අප්‍රිකානු රටක් මේ තරම් දුර ගිය එක ගැන. කට්ටිය දැනගෙන හිටියා මොරොක්කෝ හොද බව. ඒත් සෙමි ෆයිනල් යන්න තරම් කියලා එදා හිතුවේ නෑ.
2022 කටාර් ලෝක කුසලානයේදී ස්පාඤ්ඤය සහ පෘතුගාලය වැනි පාපන්දු දැවැන්තයින් ගෙදර යවමින් මොරොක්කෝව තැබූ ඒ ඓතිහාසික පියවර අප්‍රිකානු පාපන්දුවලට වචනවලින් විස්තර කරන්න බැරි තරම් වටිනවා. මේ වෙද්දී යුරෝපයේ ඉපිද හැදී වැඩුණු දක්ෂතම ක්‍රීඩකයින් රැසක් තම කණ්ඩායමට එකතු කරගෙන සිටින මොරොක්කෝව, උපක්‍රමිකව ඉතාමත් දියුණු, භයානක කණ්ඩායමක් බවට පත්වී අවසන්. ඒ වගේම මොරොක්කෝවෙන් ආදර්ශය අරගෙන මේ වෙද්දී අප්‍රිකානු සහ ලතින් ඇමෙරිකානු රටවල් ගොඩක් යුරෝපයේ ක්ලබ්වල සෙල්ලම් කරන ක්‍රීඩකයන් එකතු කරමින් මෙවර ලෝක කුසලානයේ වැඩ පෙන්වන්න උත්සාහ කළා.
අද ඔවුන් පෙන්නනවා ගිය පාර පෙන්නපු එක පටන් ගැනීමක් විතරයි කියලා.
හූස්ටන් ක්‍රීඩාංගණයේදී කැනඩාවට එරෙහිව පැවති අවසන් 16 දෙනාගේ වටයේ තරගය ආරම්භයේදී නම් මොරොක්කෝවෙන් මේ සුපුරුදු රිද්මය දකින්නට ලැබුණේ නැහැ. කැනඩා ක්‍රීඩකයින්ගේ දැඩි පීඩනය හමුවේ ඔවුන් තරමක් පසුබසිනු දක්නට ලැබුණා. විශේෂයෙන් කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයන් අතර ගැටුම් පවා කීපයක්ම තිබුණා.
මොරොක්කෝ මේ තරගය මුල් කොටස පුරා බෝලය පාලනය කරපු විදිය සමස්තයක් විදියට ඔවුන්ගේ දැන් හැකියා මට්ටමේ හැටියට මදි කියලා කියන්න පුලුවන්. තරගය ඉවරවුණ ගමන් කැනඩා පුහුණුකරු කිව්වේ ‘මේ මැච් එක අපේ අතේ තිබුණා කියලයි. පළවැනි අර්ධය පුරාවට අපි හොද ටීම් එක. දෙවැනි අර්ධයේදීත් මුල් ටිකේ අපි තමයි ඉදිරියෙන් හිටියේ. වඩාත් හොද කණ්ඩායමක් අපට තිබුණා. ඒත් ඔවුන් තීරණාත්මක මොහොතේ ලීඩ් එක ගත්තා. ඔවුන්ට අත්දැකීම් සහිත ක්‍රීඩකයන් හිටියා. ඒත් අපේ ක්‍රීඩකයන් 11 දෙනා විශිෂ්ඨයි‘ කියලා.
මේ අසීරු තත්ත්වය මැද ඔවුන්ට තවත් විශාල පහරක් එල්ල වුණා. ඒ තරගයේ 21 වැනි මිනිත්තුවේදී මොරොක්කෝවේ ඇටෑකින් මිඩ්ෆීල්ඩර් (ෆෝල්ස් 9 ස්ට්‍රයිකර්) සයිබාරිට පිටියෙන් එළියට යන්න සිද්ධවුණා. මේක මේ මැච් එකට වගේම මොරොක්කෝවට ලෝක කුසලානයේ ඉදිරියට යන්න තියෙන බලාපොරොත්තුවලටත් තදින් බලපාවි.

කොහොම නමුත්, සයිබාරිගේ තත්වය දරුණු තැන්නම් ඔවුන්ට ඉදිරියේදී හොදයි. ඔහු වෙනුවට ආදේශක ක්‍රීඩකයෙකු ලෙස පිටියට පිවිසියේ සෞෆියාන් රහීමි.
මොරොක්කෝව දෙවැනි අර්ථයේදී ආපහු මතු වුණා. රසවත් ගෝල් තුනක් වාර්තා කළා.
තරගයේ 50 වැනි මිනිත්තුවේදී පළවැනි ගෝල් එක ලැබුණා.
හකීමිට මොරොක්කෝව ඉදිරියට ගෙනියන්න පුලුවන්. ලස්සන සෙට් පීස් එකකින් ගෝල් එකක් ස්කෝර් කරන්නත් පුලුවන් කියලා පෙන්නුවා.
පළවැනි ගෝල් එක ගත්තේ නියම සෙට්පීස් එකකින්.
ගෝල් එක ගත්ත ෆ්‍රී කික් එක දකුණු පැත්තේ ඉදන් කෙළින්ම බොක්ස් එකට ඉස්සරහින් හිටපු ඔනාහිට ටර්ෆ් එක දිගේ යොමු කරනවා. ඔනාහි කෙළින්ම ගහන්නේ රහීමිගෙ කකුල් දෙකට. රහීමි කරන්නේ කකුල් දෙපැත්තට කරලා බෝලයට ගෝල් එක දක්වා යන්න පාර හදනවා. ලස්සන ගෝල් එකක්.

මෙම අලංකාර ගෝලයෙන් පසු මොරොක්කෝවේ විශ්වාසය තවත් ඉහළ ගියා. 82 වැනි මිනිත්තුව වන විට තල්බි සහ බ්‍රහීම් ඩියස් එක්ව කවුන්ටර් ඇටැක් එකක් එල්ල කළා. ඒ හරහා ගත්ත ඔනාහිගේ දෙවැනි ගෝල් එකත් ලස්සන ගෝල් එකක්. ඩියස්ගෙන් ලැබිච්ච පාස් එක ලස්සනට ගෝල් එකට යොමු කළා. අනෙක් පැත්තෙන් ඒක වේගවත් ට්‍රාන්සිෂන් එකක්. සයිබාරි ආබාධය නිසා තරගයෙන් එළියට ගියාට පස්සේ ඔනාහි ගෝල් ස්කෝර් කරමින් යම් දුරකට ඒ වගකීම ගත්තා වගේ. ඊට අමතරව ඩියස් සහ හකීමිත් මැච් එකේ ටෙම්පෝ එක පාලනය කළා.

තරගය අවසන් වීමට මිනිත්තු කිහිපයක් තියෙද්දී 86 වැනි මිනිත්තුවේදී ඔනාහි දුන්න බෝලයක් රහීමි ගෝල් එකට යොමු කලා. ඒත්, උඩ බාර් එකේ වැදිලා බෝලෙ ගෝල සීමාවට එළියෙන් බිම වැදුණා. හැබැයි, ඊට පස්සේ ඔහු අන්තිමේදී අමතර වෙලාවේදී කණ්ඩායමේ තුන්වැනි ගෝල් එක වාර්තා කළා. ඒ තුන්වැනි ගෝල් එක ප්‍රදර්ශනාත්මකයි. ඒ ගෝල් එක ගැහුවේ අන්තිම මිනිත්තුවේ. හැබැයි ස්කෝකාඩ් එක තුනට බිංදුවක් වුණා.

මොරොක්කෝ 3ට බිංදුවක් ලෙස කැනඩාව පරාජය කිරීම ස්ටේට්මන්ට් එකක් විදියට වැදගත්. තමන් සහ කැනඩාව අතර ලොකු පරතරයක් තියෙන බව ඔවුන් පෙන්විය යුතුයි. විශේෂයෙන්ම ඊළග වටයේදී ප්‍රතිවාදියා ඉදිරියේ ආත්ම ශක්තිය වඩවාගන්න ඒක වැදගත්.
ඔවුන්ට ඊළගට බොහෝදුරට ප්‍රංශය හමුවේවි. උදෑසන වෙද්දී ඒක තීන්දු වේවි.
මොරොක්කෝ කාටවත් හිතන්න බැරි විදියට ප්‍රංශය පරාජය කළොත් නම් විස්තර කරන්න වචන නැති වේවි.
කොච්චර කළත්, මොරොක්කෝවට ලෝක කුසලානය දක්වා තියෙන්නේ තව මැච් තුනක් දිනන්න විතරයි.
හැබැයි ඒක නිකම්ම මැච් තුනක් වෙන්නේ නැහැනේ. එක අදියරකදී බොහෝදුරට ප්‍රංශයත්, ඊළග අදියරේදී බොහෝදුරට ස්පාඤ්ඤය හෝ පෘතුගාලය හමුවේවි. අවසාන අදියරේදී බොහෝදුරට ආජන්ටිනා, එංගලන්තය හෝ බ්‍රසීලය පරාජය කරන්නට ඔවුන්ට සිදුවේවි.
නොවෙන දේවල් ප්‍රාර්ථනා කරලා වැඩක් නෑ. ඒත්, මේ ලෝක කුසලානයට චිත්‍රපටි අවසානයක් වගේ අවසානයක් ලියන්න කාටහරි චාන්ස් එකක් ලැබුණොත් ලිවිය යුත්තේ මොරොක්කෝ ලෝක කුසලානය ජයගැනීම නම් වූ අවසානය. පළවැනි වතාවට අප්‍රිකානු රටක් කුසලානය ජයගැනීම වගේම, සෙමි ෆයිනල් එකේදී ලමීන් යමාල් සිටින ස්පාඤ්ඤය පරාජය කිරීමත් අවසානයේ බ්‍රසීලය හෝ ආජන්ටිනාව යන ලතින් ඇමෙරිකානු පාපන්දු රටවල් දෙකෙන් එකක් පරාජය කිරීමත් අවසානය ලෙස ලියන්නට ඇත්නම් ලස්සනයි.
මීට කලිනුත් මගේ සටහනකට කමෙන්ට් එකක් දාලා තිබුණා මේවා හිතලු කියලා. ඒක ඇත්ත. මේවා හිතේ ඇති වූ හිතලු පමණයි. මේ හිතලුව නම් සෑහෙන අසීරු අභියෝගයක් ගැන හිතලුවක්. ඒත්, නෙදර්ලන්තය පරාජය කොට මෙතැනට ආ ඔවුන්ට තව මැච් තුනක විස්මකර්ම කරන්නට බෑ කියලා කාටවත් කියන්න බෑ.
