හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියට ලබා දී ඇති දීර්ඝ කළ කාලසීමාව අවසන් වීමට පෙර පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) හමුවේ පෙනී නොසිටියහොත් ඇයට එරෙහිව විදෙස් ගමන් තහනමක් ඉල්ලා සිටින බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ආරංචි මාර්ගයක් පවසයි.
විදේශයක වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පිටව ගොස් සිටින රාජපක්ෂ මහත්මිය, ඇය ප්‍රධානත්වය දැරූ ‘සිරිලිය’ පදනම සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට ප්‍රකාශයක් ලබා දීම සඳහා දින 14ක කාලයක් ඉල්ලා තිබුණි. නියමිත වේලාවට ඇය පෙනී නොසිටියහොත් පොලිසිය විදෙස් ගමන් තහනමක් ඉල්ලා සිටින බව අමාත්‍යාංශ ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසීය.
මේ හේතුවෙන් ඇය ගුවන් තොටුපළට පැමිණි විගස අත්අඩංගුවට පත්වීමට ද ඉඩ ඇත.
රාජපක්ෂ මහත්මිය සැප්තැම්බර් 16 වැනිදා සිංගප්පූරුව බලා දිවයිනෙන් පිටව ගියාය.
සැප්තැම්බර් 24 වැනිදා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ පෙනී සිටිය යුතු බව දන්වමින් FCID නිලධාරීන් විසින් ගුවන් තොටුපළේදී ඇයට නොතීසියක් ද භාර දෙන ලදී. කෙසේ වෙතත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රකාශකයෙකු පැවසුවේ ඇය නැවත පැමිණීම සඳහා තාවකාලික දිනයක් ලබා දී ඇති නමුත්, රාජපක්ෂ මහත්මිය වෛද්‍ය ප්‍රතිකාර සඳහා ගොස් ඇති බැවින් ආපසු පැමිණීමේ දිනය වෛද්‍ය අවශ්‍යතා මත රඳා පවතින බවයි.
(සන්ඩේ ටයිම්ස්)
