Wednesday, October 4

Top News

තිලීපන් සැමරුම් දිනය අද- යාපනයේදී ජයට තිලීපන් සැමරුවා! ත්‍රිකුණාමලයේදී උසාවි නියෝගය ලැබුණා! – තිලීපන් කවුද?
Top News

තිලීපන් සැමරුම් දිනය අද- යාපනයේදී ජයට තිලීපන් සැමරුවා! ත්‍රිකුණාමලයේදී උසාවි නියෝගය ලැබුණා! – තිලීපන් කවුද?

පසුගිය දිනවල වගේම, තිලීපන්ගේ මරණයට අවුරුදු 36ක් සපිරෙන සැප්තැම්බර් 26 අද දවසේ තිලීපන් සමරු රැසක් පැවැත්වුණා. යාපනයේදී සැලකිය යුතු පිරිසකගේ සහභාගීත්වයෙන් එම සැමරුම පැවතුණා. දෙමළ සිනමාවේ සුපිරි සංගීත ශිල්පී සන්තෝෂ් නාරායන් යාපනයේදී තිලීපන් සමරන්නට සහභාගී වී සිටියා. යාපනය, වව්නියාව සහ මුලතිව් ප්‍රදේශවල තිලීපන් සැමරුම් නවත්වන්නට පොලීසිය අධිකරණ නියෝග ඉල්ලා තිබුණා. එහෙත්, එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කර තිබුණා. කෙසේ වෙතත් තිලීපන් සැමරුම් උත්සව ත්‍රිකුණාමලයේ සිදු කිරීම තහනම් කරමින් ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් ලබා ගැනීමට ත්‍රිකුණාමල වරාය පොලීසිය කටයුතු කරලා තියෙනවා. මා ඇතුළු කිහිපදෙනෙකුට විරුද්ධවත් තිලීපන් සමරුවක් කරනවා කියලා මීට කලින් අධිකරණ නියෝගයක් ලබා ගත්තා. ඒ අධිකරණ නියෝගයේ තිලීපන් සමරුවක් මා සංවිධානය කළා කියා තියෙන්නේ බොරු. මා කිසිදිනෙක තිලීපන් සමරුවක් සංවිධානය කරන්නේ...
පෙරටුගාමී පුබුදු හෙළි කරපු වංචා ගැන හොයන්න, 30ක කණ්ඩායමකින් යුත් විශේෂ විගණනයක්! – කෙහෙළිය විගණනයට පුද්ගලිකව මැදිහත් වේ!
Top News

පෙරටුගාමී පුබුදු හෙළි කරපු වංචා ගැන හොයන්න, 30ක කණ්ඩායමකින් යුත් විශේෂ විගණනයක්! – කෙහෙළිය විගණනයට පුද්ගලිකව මැදිහත් වේ!

පසුගිය වසර කිහිපය තුළ ඇතැම් ඖෂධ වර්ග මිලදී ගැනීමේදී මහජන මුදල් අවභාවිත කරමින් රුපියල් බිලියන 30ක පමණ වටිනාකමින් යුත් ගනුදෙනුවලදී වංචාසහගත ආකාරයෙන් කටයුතු කිරීම පිළිබඳ විගණකාධිපති දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි, ද මෝනිං පුවත්පත වාර්තා කර තිබේ. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පසුගිය කාලයේදී රුපියල් බිලියන 30ක ඖෂධ ගනුදෙනුවලදී වංචා සිදු වූ බව චෝදනා කර තිබුණි. සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංසදයේ රවී කුමුදේශ් මෙන්ම වෛද්‍ය චමල් සංජීව ඇතුළු පිරිසක් මෙම අමාත්‍යාංශයේ වංචා දූෂණ රැසක් ගැන නොකඩවා හෙළිදරව් සිදු කර තිබුණි. එම වාර්තාවට අනුව අදාල විශේෂ විගණන වාර්තාව මාස 2ක් ඇතුළත ලබා ගැනීමට නියමිත අතර විගණනය සඳහා 30 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් වෙන් කර තිබේ. මේ පිළිබඳ ද මෝනිං කළ විමසීමකදී අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල එවැනි විමර්ශනයක් සිදු වෙන බව පිළිගෙන තිබේ. ...
කොළඹ වටිනා ඉඩම් ටිකත් දෙනවා! හිල්ටන් එකත් දෙනවා! වෝටර්ස් එජ් එකත් දෙනවා!  අරුන්දික කියයි!
Top News

කොළඹ වටිනා ඉඩම් ටිකත් දෙනවා! හිල්ටන් එකත් දෙනවා! වෝටර්ස් එජ් එකත් දෙනවා! අරුන්දික කියයි!

මෙරට සංචාරක ආකර්ෂණයට ලක්වූ වෙරළ කලාප හා කොළඹ නගරයේ වාණිජ වටිනාකම්වලින් යුත් ඉඩම්වල ව්‍යාපෘති ආරම්භ කිරීමට රජය ආයෝජකයන්ට අවස්ථාව ලබා දී නාගරික සංවර්ධන, නිවාස හා වෙරළ සංරක්ෂණ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු පවසා ඇත. රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා මේ බව පවසා ඇත්තේ ජුලි 21 දින ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ය. ජනාධිපතිවරයාගේ උපදෙස් මත කොළඹ, ඇල්ල, නුවරඑළිය, මහනුවර හා ත්‍රිකුණාමලය සංචාරක ආකර්ෂණය දිනාගත් ප්‍රදේශ ලෙස සංවර්ධනය කිරීමට දැනටමත් පියවරගෙන ඇතැයි ද ඔහු පවසා ඇත.  මේ වන විට කොළඹ නගරයේ වාණිජ වටිනාකම්වලින් යුත් ඉඩම්වල ව්‍යාපෘති ආරම්භ කිරීමට රජය ආයෝජකයන්ට අවස්ථාව ලබා දී තිබෙනවා. නමුත් පසුගිය කාලයේ පැවති අයහපත් ආර්ථික තත්ත්වය හේතුවෙන් එම ව්‍යාපෘති නතර කර තිබෙනවා. ඒම නිසා අදාළ ව්‍යාපෘති නැවත ආරම්භ කරන ලෙස අප ඔවුන්ට ලිඛිතව දැනුම් දී තිබෙනවා...
කැබිනට් අනුමැතිය අරගෙන, රහසේ වල දැමූ පඩු කරඳ ගස ගොඩ ගන්නා ලෙස අධිකරණ නියෝගයක්
Top News

කැබිනට් අනුමැතිය අරගෙන, රහසේ වල දැමූ පඩු කරඳ ගස ගොඩ ගන්නා ලෙස අධිකරණ නියෝගයක්

මධ්‍යම අධිවේගී මාර්ගෙය් පළමු පියවරේ ඉදිකිරීම් කටයුතු සිදු කරන වේයන්ගොඩ, දාරළුව ප්‍රදේශයේ තිබූ වඳ වී යෑමේ තර්ජනයට ලක්ව ඇති දුර්ලභ ගණයේ ශාක විශේෂයකට අයත් පඩු කරඳ ගස වල දමා ඇති බව කියන ප්‍රදේශයට වහාම පොලිස් ආරක්ෂාව සපයන ලෙස ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ෆාතිමා සහානා මහ්ජි බෙම්මුල්ල මහත්මිය පොලිසියට නියෝග කර ඇත. එම ගස වලදමා තිබෙන ස්ථානය ස්ථිරවම හඳුනා ගෙන එය ගොඩ ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ගම්පහ දිසා වන නිලධාරී ඉසුරු අලවත්ත වෙත මහේස්ත්‍රාත්වරිය විශේෂ නියෝගයක්ද නිකුත් කර ඇත. දාරළුව ප්‍රදේශයේ තිබූ එම පඩු කරඳ ගස කපා ඉවත් කර ඇති බව පවසමින් ගම්පහ දිසා වන කාර්යාලය බී වාර්තාවක් මගින් මීට පෙර අධිකරණයට කරුණු වාර්තා කර තිබු අතර, එම නඩුව ජුලි 21 දින නැවත කැඳවූ අවස්ථාවේ මෙම නියෝග නිකුත් කර ඇත. පුරාවස්තු සුරැකීමේ සංවිධානයේ සභාපති පූජ්‍ය උඩස්ගිරියේ සමිත හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා කරුණු...
ඇමති කෙහෙළියට එරෙහි විශ්වාසභංගයට අත්සන්
Top News

ඇමති කෙහෙළියට එරෙහි විශ්වාසභංගයට අත්සන්

වගකීම් විරහිත ලෙස ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ සහ ශල්‍ය වෛද්‍ය උපකරණ ගෙන්වා සෞඛ්‍ය ක්‍ෂේත්‍රය දුර්වල කිරීම හා එමඟින් මරණ සිදුවීම යන කරුණු හේතු කරගෙන සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට ජුලි 20 වන දින සමගි ජන බලවේගය කටයුතුකර ඇත. බාල සහ ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙන්වීම සහ භාවිතය හේතුවෙන් පසුගිය කාලයේ රෝහල් පද්ධතිය තුළ විශාල මරණ සංඛ්‍යාවක් සිදු වු බවත් ඒ සම්බන්ධයෙන් දිගින් දිගටම සමගි ජන බලවේගය දැනුවත් කළ නමුත් ඒ පිළිබඳ රජය තැකීමක් නොකර හදිසි අවස්ථාවක් යැයි සලකා ප්‍රසම්පාදන හා ලියාපදිංචි ක්‍රියාවලියෙන් බැහැරව එම ඖෂධ ගෙන්වීම සිදුවූ අතර ඒ හේතුවෙන් මෙරට ප්‍රධාන පෙළේ රෝහල් ගණනාවකම ජීවිත අහිමි වීම් සිදුවු බව ද සමගි ජන බලවේගය සදහන් කර ඇත. එම කරුණු මුලික කරගනිමින් මෙම විශ්වාසභංග යෝජනාව අත්සන් තැබීම අද සිදුව ඇති අතර මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විපක්ෂ නායක සජි...
අධ්‍යක්ෂ මණ්ඩල කුමන්ත්‍රණයකින් මාව ඉවත් කළා – හිටපු ටෙලිකොම් සභාපති රොහාන් ප්‍රනාන්දු කියයි.
Top News

අධ්‍යක්ෂ මණ්ඩල කුමන්ත්‍රණයකින් මාව ඉවත් කළා – හිටපු ටෙලිකොම් සභාපති රොහාන් ප්‍රනාන්දු කියයි.

ශ්‍රී ලංකා ටෙලිකොම් අධ්‍යක්ෂ මණ්ඩලය තමාව ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපති ධුරයෙන් ඉවත්කර ඇති බවත් එලෙස ඉවත් කිරීමට කටයුතු කර ඇත්තේ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විකිණීමේ කටයුතු කඩිනම් කිරීමට කටයුතු කිරීමට බවත් හිටපු ටෙලිකොම් සභාපති රොහාන් ප්‍රනාන්දු මාධ්‍ය වෙත පවසා ඇත. ජුලි 20 වන දින රැස්වූ ශ්‍රී ලංකා ටෙලිකොම් අධ්‍යක්ෂ මණ්ඩලය මෙම තීරණය ගෙන ඇත. ...
තවත් රෝගියෙක් මිය ගිහින්.. ලඟ හිටපු අයට තාත්තා කියලත් තියෙනවා.. බෙහෙත විද්දට පස්සේ මොකක්ද වුණා කියලා.
Top News

තවත් රෝගියෙක් මිය ගිහින්.. ලඟ හිටපු අයට තාත්තා කියලත් තියෙනවා.. බෙහෙත විද්දට පස්සේ මොකක්ද වුණා කියලා.

කෑගල්ල මහ රෝහලෙන් ප්‍රතිජීවක ඖෂධයක් ලබාගැනීමෙන් අනතුරුව ඇතිවූ ආසාත්මිකතාවක් හේතුවෙන් රෝගියෙකු මියගොස් ඇති බව මාධ්‍ය වාර්තා කර ඇත. මෙම මරණය සම්බන්ධයෙන් 'මව්රට' කළ විමසීමකදී එම රෝහලේ අධ්‍යක්ෂ මිහිරි ප්‍රියංගනී මහත්මිය පවසා ඇත්තේ මියගිය පුද්ගලයාට ලබාදී ඇත්තේ පේරාදෙණිය රෝහලේදී මියගිය චමෝදි සන්දීපනීට ලබාදුන් ඖෂධයම බවය. මෙසේ මියගොස් ඇත්තේ කෑගල්ල, මාකූර ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි අජිත් විජේසිංහය නැමැති පුද්ගලයෙකි. ජුලි 10 වන දින කෑගල්ල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබුණේ අක්මාවේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙනි.එහිදී ඔහුට ප්‍රතිජීවක ඖෂධය අවස්ථා 13ක් ලබාදී ඇති අතර 14 වන ප්‍රතිජීවක ඖෂධයෙන් පසු ඔහු මියගිය බවත් අදාළ පුද්ගලයාගේ ශරීරයේ ප්‍රතිශක්තීකරණය ඉතා දුර්වල මට්ටමක පැවතීම හේතුවෙන් මෙම ආසාත්මිකතාව ඇතිවන්නට ඇති බවද රෝහල් අධ්‍යක්ෂවරිය පවසා ඇත. “තාත්තාගේ කට දෙපැත්තේ තුවාලවෙලා වග...
ජනාධිපති ඉන්දියාවේ යන නිසා.. වැඩබලන්න අමාත්‍යවරු 5ක්!
Top News

ජනාධිපති ඉන්දියාවේ යන නිසා.. වැඩබලන්න අමාත්‍යවරු 5ක්!

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්වු බැවින් එම කාලසීමාව තුළ ඔහු යටතේ පවතින අමාත්‍යාංශ පහක රාජ්‍ය අමාත්‍යවරුන්ට වැඩබලන අමාත්‍ය ධූරයන්හි වගකීම් පවරා ඇති බව මාධ්‍ය වාර්තා කර ඇත. ඒ අනුව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙසද මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා වැඩබලන මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙසද ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා වැඩබලන ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙසද තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා වැඩබලන තාක්ෂණ අමාත්‍යවරයා ලෙස ද සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවල් මහතා වැඩබලන කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යවරයා ලෙසද පත් කර ඇත. ...
දේශබන්දුට එරෙහි තවත් පෙත්සමක් ඉවතට
Top News

දේශබන්දුට එරෙහි තවත් පෙත්සමක් ඉවතට

පසුගිය වසරේ මැයි 9 වැනිදා ගාලුමුවදොර අරගල භූමියේ සිදු වූ අරගලකරුවන්ට පහරදීම ඇතුළු ප්‍රචණ්ඩ ක්‍රියා මැඩපැවැත්වීමට පියවර නොගත් බවට චෝදනා කරමින් බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පිරිසකට එරෙහිව ගොනුකර තිබූ තවත් මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට අවසර ලබාදීමකින් තොරවම ශ්‍රේෂ්ඨාධිකරණය ජුලි 19 දින ප්‍රතික්ෂේප කර ඇති බව දිවයින පුවත්පත වාර්තා කර ඇත. පෙත්සම්කරු අදාල සිදුවීමෙන් පසුව නිසි කාලසීමාව ඉක්ම යෑමෙන් අනතුරුව මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනුකර ඇති බැවින් එය පවත්වාගෙන යෑමට අවසරදීමේ නීතිමය බලයක් නොමැති බව රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා අධිකරණයට පවසා ඇත. රයිට් ටූ ලයිෆ් සංවිධානය ගොනු කර තිබූ එම පෙත්සම කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ අධිනීතිඥ ශමින්ද්‍ර වික්‍රම මහතා ඉදිරිපත් කළ මූලික විරෝධතා පිළිගත් එස්. තුරෙයිරාජා, ...
මන්දිරයේ තිබුණේ පක්ෂයේ ව්‍යාපාරිකයන් අරමුදලකට එකතු කළ සල්ලි! ගෝඨාට අවුරුද්දකට පස්සේ මතක් වෙලා..
Top News

මන්දිරයේ තිබුණේ පක්ෂයේ ව්‍යාපාරිකයන් අරමුදලකට එකතු කළ සල්ලි! ගෝඨාට අවුරුද්දකට පස්සේ මතක් වෙලා..

ජූලි 09 වන දින ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාව එම ධුරයෙන් පැන්නීම සඳහා කොළඹට එකතු වූ ජනතාවට ජනාධිපති මන්දිරයේ නිළ කාමරයේ තිබී හමු වූ රුපියල් එක්කෝටි 78 ලක්ෂයකට අධික මුදල මැයි 09 වන දින පොදුජන පෙරමුණේ ක්‍රියාකාරීන්ගේ විනාශ වු නිවාස හා දේපල යථා තත්ත්වයට පත් කිරීම සදහා එම පක්ෂයේ ව්‍යාපාරිකයන්ගේ අරමුදලකට එකතු වු මුදල් බවට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජුලි 19 දින අධිකරණය හමුවේ පවසා ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කරුණු දක්වමින් පවසා ඇත්තේ ගෝඨාභය මහතා තම දෙපාර්තමේන්තුවට ලබා දුන් දෙවන ප්‍රකාශයේ මෙසේ පැවසූ බවය. මාර්තු 31 දින මිරිහාන සිද්ධියෙන් පසුව ජනාධිපති මන්දිරයේ ඔහු පදිංචිව සිටි බවත් ජනතාව ජනාධිපති මන්දිරය අත්පත් කර ගැනීමෙන් අනතුරුව එහි තිබු ලේඛන විශාල ප්‍රමාණයක් අස්ථාන ගත වී ඇති බවත් මුදල් ලැබුණු ලේඛනය මේ වනවිට අස්ථාන ගතවීම හේ...