මහරගම ජාතික පිළිකායතනය හෙවත් අපේක්ෂා රෝහලේ රෝගීන් වෙනුවෙන් පරිත්‍යාගශීලීන් නොමිලේ ලබාදෙන තැඹිලි එහි අධ්‍යක්ෂවරයා විසින් නැවැත්වීම නිසා රෝගීන් අපහසුතාවයට පත්වී ඇති බව වාර්තාවේ.
විශේෂයෙන් ආහාර ලබා ගැනීම අපහසු රෝගීන්ට හා ආර්ථික අපහසුතා ඇති රෝගීන්ට පරිත්‍යාගශීලීන් නොමිලේ ලබාදෙන තැඹිලි මහත් ප්‍රයෝජනයක් වී තිබූ බව එම රෝහලේ අපගේ මූලාශ්‍ර ප්‍රකාශ කරයි. එමෙන්ම එම මූලාශ වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ රෝහලේ කාර්ය මණ්ඩලයේ සහායෙන් එසේ තැඹිලි රෝගීන්ට ලබාදීම සිදුකළ බවත්, හිස් තැඹිලි කෝම්බ පවා එසේ තැඹිලි ලබාදෙන පරිත්‍යාගශීලීන් නැවත බැහැරට ගෙනයෑම සිදුකළ බවත්ය.
මේ සම්බන්ධයෙන් දැනට කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් පත්වී ඇති අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සම්පත් ඉන්දික කුමාරගෙන් විමසීම සඳහා ඇමතුමක් ලබා ගත්තද ඔහු එම ඇමතුමට ප්‍රතිචාර දැකුවූයේ නැත.
