එළුවන්, ඌරන් හා බැටළුවන් සතකු යන අර්ථ නිරූපනයට ඇතුලත් කිරීම සඳහා 1958 අංක 29 දරන සත්ව පනත සංශෝධනය කිරීම සඳහා ආණ්ඩුව පනත් කෙටුම්පතක් ඉදිරිපත් කර තිබේ.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග ඇමති කේ ඩී ලාල් කාන්තගේ නියමය පරිදි ඒ සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. ඒ 2026 ජුනි මස 05 දින රජයේ ගැසට් පත්‍රයේ 2 වන කොටසේ අතිරේකයක් වශයෙනි.
ඒ අනුව සත්ව පනතේ 2 වන කොටසේ විධිවිධාන එළුවන්, ඌරන් හා බැටළුවන්ට අදාළ කිරීම මෙම සංශෝධනය මගින් සිදුවේ.
මෙම සංශෝධනයට අදාළ කැබිනට් මණ්ඩල තීරණය මීට පෙර ගෙන තිබුණි.
එළළුවන්, ඌරන් හා බැටළුවන් එකතු කිරීමට සත්ව පනත සංශෝධනය වේ