මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ තමන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුවේ කුමන්ත්‍රණය නැමැති චෝදනාව පවත්වාගෙන යාමට නොහැකි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා යෝෂිත රාජපක්ෂ මහතා විසින් ගොනු කර ඇති පෙත්සම් විභාගය අවසන් කළ අභියාචනාධිකරණය එහි නියෝගය ජූලි මස 03 වැනිිදා ප්‍රකාශයට පත් කරන බව නිවේදනය කළා.
ඩේසි ෆොරස්ට් නඩුවෙන් ඉවත් කිරීමෙන් පසු ඇය සමග කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව මත තමන්ට එරෙහිව නඩුව පවත්වාගෙන යා නොහැකි බව කියමින් මෙම පෙත්සම ගොනු කර තිබේ.
පෙත්සම විභාගයට ගත් අවස්ථාවේදී පෙත්සම්කාර යෝෂිත රාජපක්ෂ මහතා වෙනුවෙන් නීතිඥ හෆීල් ෆාරිස් මහතා කරුණු ඉදිරිපත් කළ අතර නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා කරුණු ඉදිරිපත් කළ අතර අනතුරුව විභාගය අවසන් කළ අමල් රණරාජා සහ ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍ර යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ තමන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුවේ ‘කුමන්ත්‍රණය’ නැමැති චෝදනාව පවත්වාගෙන යාමට නොහැකි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා යොෂිත රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම අද (16) විභාගයට ගැනුණා.
