හිටපු බලශක්ති ඇමති කුමාර ජයකොඩිට එරෙහිව දූෂණ චෝදනා යටතේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම ගොනුකර ඇති නඩුව කොළඹ මහාධිකරණය හමුවේ විභාගයට ගැනීම අද (ජුනි 17) සිදුවිය.
ඒ කොළඹ මහාධිකරණ විනිසුරු රශාන්ත ගොඩවෙල ඉදිරියේ ඊට අදාළ නඩුවව අද කැඳවූ අවස්ථාවේදී ඔහුට එරෙහිව ඇති චෝදනා කියවා දීමෙන් පසු එම චෝදනාවලට තමා නිවැරදිකරු බව හිටපු ඇමති කුමාර ජයකොඩි ප්රකාශ කිරීමෙන් අනතුරුවය.
හිටපු ඇමති කුමාර ජයකොඩි ලංකා පොහොර සමාගමේ ප්රසම්පාදන කළමනාකරු වශයෙන් කටයුතු කළ 2016 වර්ෂයේදී එම සමාගම් පරිශ්රය කාපට් කිරීමේ කොන්ත්රාත්තුවක් නිසි ආකාරයෙන් සිදුනොකළ පෞද්ගලික සමාගමකට අයුතු වාසි සැලසෙන අයුරින් කටයුතු කිරීමක් සම්බන්ධයෙන් මෙම නඩුව පවරා ඇත.
එහිදී රජයට රුපියල් අසූ ලක්ෂයකට (රු. 8,859,708) අධික මුදලක් පාඩු සිදුකර ඇතැයි චෝදනාවේ සඳහන් වේ.
