අංක 150, හිරිඹුර පාර, ගාල්ල යන ලියාපදිංචි ලිපිනයේ පවත්වාගෙන යන සිංහ කැපිටල් ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් සමාගම මුදල් ව්‍යාපාර පනත උල්ලංගනය කරමින් මහජනයාගෙන් තැන්පතු බාරගෙන ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.
ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරන්නේ පොරොන්දු නෝට්ටු සහ/හෝ වාණිජ පත්‍ර නිකුත් කිරීම මගින් සිංහ කැපිටල් ඉන්වෙස්ට්මන්ට් සමාගම 2023 පෙබරවාරි සිට 2024 ඔක්තෝබර් දක්වා මුදල් ව්‍යාපාර පනත උල්ලංඝනය කරමින් මහජනතාවගෙන් මුදල් තැන්පතු බාරගෙන ඇති බවයි.
ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව සිංහ කැපිටල් ඉන්වෙස්ට්මන්ට් සමාගමට හා එහි අධ්‍යක්ෂවරුන්ට තවදුරටත් මහජනතාවගෙන් තැන්පතු බාර ගැනීමෙන් වැළකී සිටින ලෙස විධාන කර ඇති බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කරයි.
