යෝෂිත අත්අඩංගුවට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ අද (17) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු අත්අඩංගුවට පත්ව ඇත්තේ ප්‍රකාශයක් ලබා දීම සඳහා එම කොමිසම හමුවේ පෙනී සිටි අවස්ථාවේදීය.

2008 වසරේදී ශ්‍රී ලංකා නාවික හමුදාවට සහ බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදා ඇකඩමියට බැඳීමට අදාළව සිදුකෙරෙන විමර්ශනයකට ප්‍රකාශයක් ලබාදීම සඳහා, අල්ලස් කොමිසම කළ දැනුම්දීමකට අනුව මෙලෙස පැමිණ තිබේ.

නාවික හමුදාවට කැඩෙට් නිලධාරියෙකු බඳවා ගැනීමේදී පැවති අධ්‍යාපන සුදුසුකම් සංශෝධනය කිරීම සහ රාජ්‍ය ප්‍රතිපාදන භාවිත කරමින් බ්‍රිතාන්‍ය නාවික ඇකඩමියේ පුහුණුව ලැබීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් මෙම විමර්ශනය ක්‍රියාත්මක වේ.

ඊයේ දින අධිකරණ කටයුත්තක් හේතුවෙන් පැමිණීමට නොහැකි බව දැනුම් දීමෙන් පසුව, අල්ලස් කොමිසම විසින් කරන ලද නැවත දැනුම්දීමකට අනුව යෝෂිත රාජපක්ෂ අද දින මෙලෙස කොමිසම හමුවේ පෙනී සිටි බව වාර්තා වේ.

අත්අඩංගුවට ගත යෝෂිත රාජපක්ෂ අද පස්වරුවේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Author

Related Posts