ශාන් විජයලාල්ගේ පුද්ගලික ලේකම් අත්අඩංගුවට

දකුණු පළාත් හිටපු මහ ඇමති ශාන් විජයලාල් ද සිල්වාගේ පුද්ගලික ලේකම්වරයකු ලෙස කටයුතු කළ වාච්චි හැන්නැදිගේ දයාපාල නැමැත්තාව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අද (ජුනි 15) අත්අඩංගුවට ගෙන ඇත.

ඒ දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යාංශ විෂය පථය යටතේ පවත්වාගෙන ගිය දකුණු පළාත් සංවර්ධන අධිකාරිය මගින් දකුණු පළාත් සභා මන්ත්‍රී ප්‍රතිපාදන යටතේ පොදු ස්වේච්ඡා සමිති සඳහා පුටු ලබාදීමේ විමර්ශනයක් සම්බන්ධයෙනි.

2019 වර්ෂයේදී රුපියල් මිලියන 16.5ක ප්‍රතිපාදන යටතේ එම ව්‍යාපෘතිය සිදුකිරීමේදී නියමිත ප්‍රසම්පාදන ක්‍රමවේදයෙන් බැහැරව නිෂ්පාදන ආයතනයක් තෝරා ගැනීම සහ එම ව්‍යාපෘතිය යටතේ මිලදී ගත් පුටු 16,361ක් පළාත් සභා මන්ත්‍රීවරුන් 54 දෙනෙකුගේ නිවාස හා කාර්යාල වෙත ප්‍රවාහනය කර බාරදීම ඊට අදාළ චෝදනාව වේ.

එම චෝදනාව සම්බන්ධයෙන් මීට පෙර දකුණු පළාත් හිටපු ප්‍රධාන ඇමති ශාන් විජයලාල් ද සිල්වා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්කළ අතර පසුව ඔහුට ඇප නියම විය.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading