ලෙනින් සුගීෂ්වර බණ්ඩාර අත්අඩංගුවට

ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම්වරයෙකු ලෙස කටයුතු කළ සුගීෂ්වර බණ්ඩාරව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

එකම කාලසීමාවක් තුළ රජයේ ආයතන දෙකකින් නීතිවිරෝධී ලෙස වැටුප් හා දීමනා ලබාගැනීමේ සිදුවීමකට අදාළව සිදුකරන පුළුල් විමර්ශනයකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව පැවසේ.

මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත ලැබුණු පැමිණිල්ලකට අනුව සැකකරු කිසිදු නීත්‍යානුකූල අනුමැතියකින් තොරව රාජ්‍ය ආයතන දෙකක තනතුරු දරමින් මූල්‍ය ප්‍රතිලාභ ලබාගෙන ඇත. මෙම මූල්‍ය අක්‍රමිකතාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීමෙන් අනතුරුව විමර්ශන නිලධාරීන් විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading