බීමත් ලංගම රියදුරුගේ බලපත්‍රය අවලංගු කරයි

බීමතින් ලංගම බස් රථයක් ධාවනය කිරීමේ චෝදනාවට වරදකරු වූ 58 හැවිරිදි රියදුරෙකුට රුපියල් 35,000ක දඩයක් නියම කිරීමටත්, ඔහුගේ රියදුරු බලපත්‍රය ජීවිතාන්තය දක්වා අවලංගු කිරීමටත් අලුත්කඩේ අංක 07 අධිකරණය නියෝග කර තිබේ.

ඊයේ (නොවැම්බර් 19) කොළඹ සිට කුරුණෑගල දක්වා මාර්ග අංක 05 ඔස්සේ ධාවනය වූ ලංගම බස් රථයක් පරීක්ෂා කිරීම සඳහා මරදාන පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් සංඥා කර ඇති අතර, එම සංඥාව නොතකා රියදුරා බස් රථය ඉදිරියට ධාවනය කර තිබේ.

ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් බස් රථය ලුහුබැඳ ගොස් නවතා පරීක්ෂා කිරීමේදී රියදුරා බීමත්ව සිටින බවට නිරීක්ෂණය වීමෙන් අනතුරුව සංඝරාජ මාවතේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

Author

Leave a Reply

Related Posts