දේශීය වෙළෙඳපොළක් ගැන මින් ඉදිරියට සාකච්ඡා නෑ- නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ

ආනයන බදු මත රටේ කර්මාන්ත ආරක්ෂා වී පැවතියද, ජාත්‍යන්තරය සමඟ ඒකාබද්ධ වීමේදී එය සිදුකළ නොහැකි බවත්, ඵලදායිතාව දියුණු කරගෙන රටේ කර්මාන්ත දියුණු විය යුතු බවත්, මින් ඉදිරියට දේශීය වෙළෙඳපොළ කියා එකක් ගැන සාකච්ඡා නොකරන බවත් හා වෙළෙඳපොළ ජාත්‍යන්තර බැවින් ශ්‍රී ලංකාවත් එම වෙළෙඳපොළේ එක කොටසක් පමණක් බවත් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ පවසා ඇත.

ඔහු ඒ බව පවසා ඇත්තේ අගෝස්තු 11 දින කොළඹදී පැවැත්වූ ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද ස්කේල් අප් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික සංසදයේ ප්‍රධාන දෙසුම පවත්වමිනි.

එමෙන්ම ඔහු එහිදී පවසා ඇත්තේ වෙනත් රටවලින් ශ්‍රී ලංකාවට භාණ්ඩ ආනයනයේදී පනවන තීරු බදු ඉවත් කිරීමටද ආණ්ඩුව එකඟතාවයකට පැමිණ ඇති බව හා එය ක්‍රියාත්මක කිරීම වෙළෙඳ ගිවිසුම් හරහා සිදුකිරීමට නියමිත බවත්ය.

එසේ තීරු බදු ඉවත් කිරීමේදී විශේෂයෙන්ම වරාය හා ගුවන් තොටුපල බදු හෙවත් පැල් හා සෙස් බදු ඉවත් වන බවත්, ලබන වසරේ සිට ආනයනික භාණ්ඩ සඳහා එස්එල්එස් ප්‍රමිතිය අනිවාර්ය කරන බවත් නියෝජ්‍ය ඇමතිවරයා එහිදී පවසා ඇත.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading