කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් ගැන මහ බැංකු විමර්ශනයක්

කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් (පුද්ගලික) සමාගමේ අධ්‍යක්ෂ රංජිත් නන්දන පීරිස් ස්වාධීන රූපවාහිනී සේවයේ වැඩසටහනකට අසත්‍ය ප්‍රකාශ සිදුකර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි

ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරන්නේ කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් (පුද්ගලික) සමාගම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියාමනය වන ආයතනයක් බවට, එම සමාගම ශ්‍රී ලංකා මහ බැංකුවේ අවශ්‍යතාවය පරිදි සෑම මාස 6කට වරක්ම මහ බැංකුව වෙත තොරතුරු/ලිපි ලේඛන හා දත්ත ඉදිරිපත් කරන බවට සහ යම් ගැටලුවක් ඇත්නම් එම සමාගමෙන් මහ බැංකුව විමසීමක් කරන බවට එම වැඩසටහනේදී එම සමාගමේ අධ්‍යක්ෂ මල්වත්තගේ රංජිත් නන්දන පීරිස් කර ඇති ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරන බවයි. ඒවා අසත්‍ය, නොමඟ යවන සුළු සහ නෛතික පදනමක් රහිත ප්‍රකාශ බව මහජනතාව වෙත දැනුම් දෙන බවයි.

එමෙන්ම එම ප්‍රකාශ රූපවාහිනී වැඩසටහන විද්‍යුත් හා සමාජ මාධ්‍ය ඔස්සේ නැරඹූ මහජනතාවට බරපතල හානියක් සිදුකළ හැකි බව නිරීක්ෂණය කරන මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරන්නේ එම සමාගම මුදල් ව්‍යාපාර පනතේ විධිවිධාන උල්ලංඝනය කරමින් මුදල් ව්‍යාපාරයක් පවත්වාගෙන ගෙන ගොස් හෝ පවත්වාගෙන යමින් තිබේද, මහජනතාවගෙන් තැන්පතු ලබාගෙන තිබේද හෝ තැන්පතු ලබා ගනිමින් තිබේද යන්න පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුව මේ වනවිට විමර්ශනයක් පවත්වමින් සිටින බවයි.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading