කෝපරේටිව් ලීසිං කොම්පැනි ලිමිටඩ් බලපත්‍රය අවලංගු කෙරේ

කෝපරේට් ලීසිං කොම්පැනි ලිමිටඩ් ආයතනය වෙත බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද ලියාපදිංචි සහතිකය අද (ජුනි 10) දින සිට අවලංගු කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

ඒ අනුව අවලංගු කිරීම බලාත්මක වූ දිනට පෙර ආරම්භ කළ යම් කල්බදු මූල්‍ය ව්‍යාපාර කටයුත්තක් හැර යම් නව කල්බදු මූල්‍යකරණ ව්‍යාපාර කටයුත්තක් කිරීමට කෝපරේට් ලීසිං කම්පැනි ලිමිටඩ් ආයතනයට කිසිඳු නීතිමය බලයක් නොමැති බවද මහජනයා වෙත ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම් දෙයි.

එම ආයතනය ඒකාබද්ධ වීම සම්බන්ධයෙන් කිසිඳු සතුටුදායක ප්‍රගතියක් පෙන්නුම් නොකිරීම හා තම ව්‍යාපාර කටයුතුවල ස්ථාවරත්වය තහවුරු කිරීම සඳහා සුදුසු සාර්ථක සැලැස්මක් ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම හේතුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව එම අවලංගු කිරීමේ තීරණය ගෙන ඇත.

Author

Related Posts