කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරුන්ට දැනට ලබාදෙන මාසික ඉන්ධන දීමනාව රුපියල් තිස් දහසකින් වැඩි කරදෙන ලෙස එහි ජාතික ජන බලවේග මන්ත්‍රී සරත් කුමාර මහතා යෝජනා කර ඇත.
ජුනි 10 වැනිදා පැවති කොළඹ මහ නගර සභාවේ මාසික රැස්වීමේදී මෙම යෝජනාව සිදුකර ඇති අතර එහිදී ජාතික ජන බලවේග නාගරික මන්ත්‍රී සරත් කුමාර ප්‍රකාශ කර ඇත්තේ එම යෝජනාව ඔහු සිදුකරන්නේ සියලු නාගරික මන්ත්‍රීවරුන් වෙනුවෙන් බවයි.
එහිදී අදහස් පළකෙරී ඇත්තේ එම දීමනාව සභා අරමුදල්වලින් ගෙවන නිසා ඒ සඳහා සභාවේ අනුමැතිය ලබාගෙන පසුව ආණ්ඩුකාර අනුමැතියෙන් සිදුකළ හැකි බවයි.
කොළඹ මහ නගර සභා මන්ත්‍රීවරයකුට මේ වනවිට මාසිකව රුපියල් 6000 ක ඉන්ධන දීමනාවක් ලැබෙන අතර ඊට අමතරව රුපියල් 6000 ක දුරකතන දීමනාවක්ද ලැබේ. ඊටත් අමතරව මාසික සභාවට පැමිනීම වෙනුවෙන් රුපියල් 25,000 ක දීමනාවක්ද ලැබේ. තවදුරටත් කමිටු රැස්වීමකට සහභාගි වීම වෙනුවෙන් රුපියල් 500 ක දීමනාවක්ද ලැබේ.
